රනිල් වික්‍රමසිංහට අගමැතිකමක් ලැබෙන්නේ ආදරයේ අරගලය නිසා

රනිල් වික්‍රමසිංහට අගමැතිකමක් ලැබෙන්නේ ආදරයේ අරගලය නිසා

"මැරයෝ යොදා ආරක්ෂා කරන ගමන්, ජන අරගලය කල දරුවන් අත් අඩංගුවට ගැනීම වර්තමාන ඇගමැති වරයාගේ ප්‍රතිපත්‍තිය වෙලා"

මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාගේ නිල නිවස හා වත්මන් අගමැතිවරයාගේද නිල නිවසේ සිට ඉතා ම්ලේච්ච ලෙස සැලසුම් කරමින්, ගෝල්පේස් ෆේස් ජන අරගලයට මැර ප්‍රහාර එල්ල කල, ඒවා සැලසුම් කල කිසිවෙකු හෝ අත්අඩංගුවට නොගන්නා ප්‍රතිපත්තියක රැදී සිටින අතර වාරයේදී, ගෝල්ෆේස් ජන අරගලයේ ප්‍රහාරයට ලක්වූ තරුණ අරගලකරුවන් ප්‍රශ්ණ කිරීමටත්, බිය වැද්දීමටත්, හෙලිදරව් කරමින් මැර ප්‍රහාර සදහා නිරාවරණය කිරීමත් සැලසුම් සහගතව සිදු වෙමින් පවතී.

ජන සම්මුතිය තුලින් අගමැති තනතුරේ වගකීම් භාරගත හැකිව තිබියදී, ඒ පිළිබදව වැඩි විශ්වාසයක් හෝ උනන්දුවක් නොදක්වා, රාජපක්ෂවරුන්ගේ අනුග්‍රහය යටතේ බලයට පත්වූ වත්මන් අග්‍රාමාත්‍යවරයා, රාජපක්ෂවරුන් ආරක්ෂා කිරීමේ එකගතාවයක කටයුතු කරන්නේද යන්න පිළිබදව බරපතල සැකයක් මතුවන අතර, මෙම ප්‍රශ්ණ කිරීම් හා අත් අඩංගුවට ගැනීම හරහා ඔවුන් තව දුරටත් මැර ප්‍රහාර සදහා නිරාවරණය වීමෙන් කිසියම් අනතුරක් හෝ ජීවිත හානියක් සිදු වුවහොත් ඊට වත්මන් අගමැතිවරයා ඇතුළු පාලකයින් වගකිව යුතුය.

එසේම වත්මන් අගමැතිවරයාට, රාජපක්ෂවරුන් සමග කිනම් රහසිගත එකගතාවයක් තිබුණද, රටේ ජන අරගලයක් නොවන්නට, ඔහු කිසිසේත්ම නැවත අගමැතිවරයෙකු නොවන බව සිහි තබාගැනිමින්, ජන අරගලය රැක ගැනීම සහ එහි අපේක්ෂාවන් යථාර්තයක් බවට පත් කිරීමේ අනිවාර්‍ය වගකීමක් පවතින බවද අප අවධාරණය කරමු.

කෙසේ නමුත් පවතින තත්වය යටතේ මැරයන් අරක්ෂා කරමින්, මැරයන් විසින් ඇතිකල මැර ක්‍රියාවන්ට ප්‍රතිචාර දැක්වූ මහ ජනතාව අත් අඩංගුවට ගැනීම, ප්‍රශ්ණ කිරීම වහා නවතන ලෙසත්, මැරයන් වහා අත් අඩංගුවට ගන්නා ලෙසත් බල කරමින් 18, 19, 20 තෙදින තුල රට පුරා විරෝධතා සිදු කිරීමට වෘත්තීය සමිති ව්‍යාපාරය තීරණය කර ඇත.

එසේම මේ තත්වය පිළිබදව අගමැතිවරයාගෙන් ප්‍රතිචාර නොලැබෙන්නේනම් පා ගමනකින් පැමිණ අගමැතිවරයාට මේ පිළිබදව බල කිරීමටත් බලාපොරොත්තු වෙමු.

රවී කුමුදේශ්

වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය