රාජ්‍ය සේවකයින්ට අගමැතිගෙන් දැනුම් දීමක්!

රාජ්‍ය සේවකයින්ට අගමැතිගෙන් දැනුම් දීමක්!
පවතින ඉන්ධන අර්බුදය හමුවේ අත්‍යාවශ්‍ය නොවන රාජ්‍ය සේවකයන් හෙට දිනයේ රාජකාරී සඳහා වාර්තා නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී සියලුම රාජ්‍ය සේවකයින් වෙත විශේෂ දැනුම් දීමක් සිදුකර තිබේ.
 

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා තව දුරටත් සඳහන් කලේ අලුතින් පත්කෙරෙන ඇමතිවරුන්ගේ වරප්‍රසාද අඩු කිරීම සමබන්ධයෙන් සාකච්ඡා කෙරෙමින් පවතින බවයි.

එමෙන්ම වැඩිදුරටත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කලේ අලුතින් ඇමතිවරුන් පත්වුණ විට ඔවුන් වැටුප් නොගැනීමටද තීරණය කර ඇති බවයි .