අත්අඩංගුවට ගැනීම් වහා නවතිනු!රජයේ සේවකයින්ගේ වැටුප් කප්පාදු නොකරනු!-වෘත්තීය සමිති සීරුවෙන්!

අත්අඩංගුවට ගැනීම් වහා නවතිනු!රජයේ සේවකයින්ගේ වැටුප් කප්පාදු නොකරනු!-වෘත්තීය සමිති සීරුවෙන්!

දිගින් දිගටම සිදුවන අත්අඩංගුවට ගැනීම් සහ රාජ්‍ය සේවකයන් රාජකාරියට නොකැඳවා නිවෙස් වල තබා සිදුකිරීමට යන වැටුප් කප්පාදුව පිළිබඳව වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුවේ මාධ්‍ය හමුවක් ඊයේ (20) සවස ගුරු මැදුරේ දී පැවැත්විණි.

පසුගිය 9 වෙනිදා ආණ්ඩුවේ මැරයන් විසින් ගෝඨාගෝගම නිර්පාක්ෂික අරගලයට පහරදීමෙන් පසුව රටපුරා ඇති වූ තත්ත්වයන්හි සැකකරුවන් යැයි පවසමින් මේ වන විට පුද්ගලයන් රැසක් අත් අඩංගුවට ගනිමින් සිටී. පහරදුන් පිරිස ගෝඨාගෝගමට පහරදීම සිදු වූ දින උදෑසන මහින්ද රාජපක්ෂගේ මූලිකත්වයෙන් රැස් වූ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සනත් නිශාන්තද මෙහි වගකිවයුත්තන් වේ. නමුත් ඔවුන් නිදැල්ලේ සිටියදී රට පුරා සිදු කරනු ලබන අත් අඩංගුවට ගැනීම් නතර කළ යුතු බව වෘත්තීය සමිති නායකයන් විසින් ප්‍රකාශ කළහ.

77

777

එසේම කළුතර පොලීසිය විසින් ලංකා ගුරු සංගමයේ භාණ්ඩාගාරික ද අත් අඩංගුවට ගැනීමට තැත් කරන බව ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

දේශබන්දු තෙන්නකෝන් බලා සිටියදී ප්‍රාහාරය එල්ල වී තිබියදීත් ආණ්ඩුව ඉතා දැනුවත්ව සහනශීලි පිළිවෙතක් එවැන්නන් කෙරේ අනුගමනය කරමින් සිටීන අතර අත්තනෝමතික ලෙස රට පුරා ක්‍රියාකාරීන් අත් අඩංගුවට ගැනීම තරයේ හෙළා දකින බව ඔවුන් පවසයි.

මේ දඩයම වහා නතර කළ යුතු බව ජෝෂප් ස්ටාලින් අවධාරණය කර සිටියේය.

7777

එසේම sky වැනි මාධ්‍ය ඔස්සේ රනිල් වික්‍රමසිංහ විසින් ගෝඨාභය ආරක්ෂා කරගනිමින් රාජපක්ෂලා වෙනුවෙන් ප්‍රකාශ පිළිකුලෙන් හෙලා දකින බවද ඔවුන් පැවසීය.

රාජ්‍ය සේවකයින් අද සිට නිවෙස් වල නතර කර තබා කොටසක් පමණක් ගෙන්වීම ඉදිරියේ ඇති වීමට නියමිත අරබූධයන් ගැන ද මෙහිදී ධම්මික මුණසිංහ සහ සංජීව බණ්ඩාර විසින් අදහස් දැක්වීය. එහිදී ඔවුන් සඳහන් කළේ මේ හරහා ඉදිරියේදී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ රැකියා සුරක්ෂිත භාවය සම්බන්ධ ගැටළුවක් ඇති බවයි.

කෙසේ වුවද ගෝඨාභය ගෙදර යනු! යන්න ගෝඨාභය ගෙදර යන තුරු හකුලා නොගන්නා බවත් ඔවුන් වැඩිදුරටත් පැවසීය.