සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරි තනතුරු තිස්හතරක් ඇතුළු තනතුරු පුරප්පාඩු 340 ක් පවතින බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
මෙම පුරප්පාඩු හේතුවෙන් බොහෝ වැටලීම් අඩාලවී ඇති බවත්, මේ නිසා එහි ආදායම් උත්පාදනයට දැඩි බලපෑමක් සිදුවී ඇති බවත් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා )පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම වාර්තාවේ දැක්වෙයි.
සුරාබදු දෙපාර්තමේන්තුව 2017 වර්ෂයේ දී වැටලීම් පනස් තුන් දහස් අටසිය හතළිස් අටක් සිදුකර ඇති අතර පසුගිය 2020 වර්ෂයේදී සිදුකර ඇති වැටලීම් සංඛ්‍යාව නිලධාරීන්ගේ හිඟය නිසා 39623ක් දක්වා ක්‍රමානුකූලව අඩුවී ඇතැයි එම කාරක සභාව පෙන්වාදෙයි.
මේ අනුව සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම වැඩි කර ගැනීමට අදාළ නීති සංශෝධනය කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව කෝපා කමිටුව එම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට පෙන්වාදී ඇත.
මේ අතර සැර මත්පැන් නිෂ්පාදනයද අඩුවී ඉන් ලැබුණු ආදායම( 2020 වර්ෂය වනවිට) රුපියල් කෝටි 9310සිට කෝටි 8476ක් දක්වා පහත බැස ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් කමිටුව කළ විමසුමකදී සුරාබදු නිලධාරීන් පවසා ඇත්තේ කොවිඩ් තත්ත්වය නිසා මේ පසුබෑම ඇතිවූ බවයි.