රාජ්‍ය සේවය ගැන ජනාධිපති හිතන්නේ කොහොමද?

රාජ්‍ය සේවය ගැන ජනාධිපති හිතන්නේ කොහොමද?
ගුණාත්මක රාජ්‍ය සේවයක් ජනතාවට ලබාදීම සඳහා විධිමත් අධ්‍යයනයක් කළ යුතු යයි  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
 
ජනාධිපතිවරයා  මෙසේ උපදෙස් දුන්නේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශයේ කටයුතු  සහ කඩිනම් ගෙවතු වගා සංග්‍රාමය සම්බන්ධයෙන්  කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී පැවති විශේෂ සාකච්ඡාවකදීය.
 
රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇති අතර අගනගරයේ වූ ප්‍රධාන රාජ්‍ය ආයතන පළාත්වලට විමධ්‍යගත කිරීමෙන් රාජ්‍ය සේවකයා කොළඹට පැමිණීම අවම කරගත හැකි බවද, හෙතෙම  කියා සිටියේය.
 

 


 
රාජ්‍ය සේවකයන්ට  එරෙහිව ක්‍රියාත්මක වන  විනය පරීක්ෂණ කඩිනම් කිරීම සහ  රාජ්‍ය සේවකයන්ගෙන් උපරිම සේවාවක් ලබගැනීම  වෙනුවෙන් සැලසුම් සකස් කිරීම පිළිබඳවද  මෙහි දී සාකච්ඡා  කර ඇතැයි සඳහන්ය.
 

රාජ්‍ය පරිපාලන සහ කෘෂිකර්ම අමාත්‍යාංශ ඒකාබද්ධව “එක්ව වවමු - රට දිනවමු”  මැයෙන්  ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් ආරම්භ කිරීමටද මෙහිදී  තීරණය වූ අතර  ඒ ඒ ප්‍රදේශවල වගා කිරීම සඳහා සුදුසු භෝග නිවැරදිවම හඳුනාගැනීමේ අවශ්‍යතාව නිලධාරීන්  මෙහිදී  පෙන්වා දී ඇත.