ගුරුවරුන් ගැන රජය අලුත් තීරණයක

ගුරුවරුන් ගැන රජය අලුත් තීරණයක

පවතින ප‍්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ගුරුභවතුන්ට සහන සැලසීම පහත සඳහන් කොන්දේසිවලට යටත්ව ගුරුභවතුන්ගේ ඉල්ලීම සලකා බලා පහසු පාසල් වෙත තාවකාලිකව සේවා අනුයුක්ත ලබා දීමට කටයුතු සලසා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනයට අනුව,

 මෙම අනුයුක්ත කිරීම් 2022.12.31 දක්වා පමණක් ක‍්‍රියාත්මක වන අතර සියලූ ආකාරයේ අනුයුක්ත කිරීම් පාසලේ ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලියට බාධාවක් නොවන පරිදි අදාළ පාසල් දෙකෙහි විදුහල්පතිවරුන්ගේ ලිඛිත එකඟතාවය මත පමණක් සිදුකළ යුතු අතර එහි දි පහත සඳහන් කොන්දේසි අනුගමනය කළ යුතුය.

  1. එකම පළාත තුළ ඇති ජාතික පාසල් අතර සහ ජාතික පාසල් හා පළාත් පාසල් අතර ගුරුභවතුන් අනුයුක්ක කිරීම සඳහා අදාළ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත බලය පවරනු ලැබේ.
  2. පළාත් දෙකක් අතර පළාත් සභා පාසල් වල ගුරු භවතුන් අනුයුක්ත කිරීම අදාළ පළාත් වල පළාත් රාජ්‍ය සේවා කොමිසන් සභා ලේකම්ගේ අනුමැතිය මත සිදු කිරීමට ද යෝජනා කරනු ලැබේ.
  3. පළාත් අතර සිදුවන ජාතික පාසල්වලට අනුයුක්ත කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂක (ගුරුස්ථාන මාරු* විසින් සිදු කරනු ඇත.
  4. ඉල්ලීම් කරනු ලබන ගුරුභවතා අදාළ පාසලේ අතිරික්ත නම්, ඔහු හෝ ඇය වෙනුවෙන් අනුප‍්‍රාප්තිකයෙකු ලබා දීමේ අවශ්‍යතාවයක් නොමැත.
  5. ඉල්ලූම් කරන ගුරුභවතා පාසලේ අතිරික්ත නොවේ නම් සුදුසු අනුප‍්‍රාප්තිකයෙකු ලබා දීමෙන් පසුව   අනුයුක්ත කිරීම සිදු කළ යුතුය.
  6. විදුහල් පතිවරුන්ගේ එකඟතාවය මත සුහද ස්ථාන මාරු වීම සිදු කරන ආකාරයටම එම පදනම මත සිදු කරන අනුයුක්ත කිරීම් ද සලකා බැලිය යුතු වේ.
  7. ගර්භණීභාවය මත හා වෛද්‍ය නිර්දේශ මත සිදු කරනු ලබන අනුයුක්ත කිරීම අදාළ වෛද්‍ය සහතික මගින් සනාථ කර ගනිමින් සිදු කළ යුතුය. (2007/20 චක‍්‍රලේඛයේ 3.4.II අනුව)
  8. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ මඟින් ජාතික පාසල් සම්බන්ධයෙන් සිදු කරනු ලබන අනුයුක්ත කිරිම් වල ලිපි පිටපත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ (ගුරු ස්ථාන මාරු) වෙත යොමු කළ යුතු වේ.

මෙ පිළිබඳ සියලූම පළාත් රාජ්‍ය සේවා කොමිසන් සහා ලේකම්වරුන්, සියලූම පළාත් අධ්‍යාපන  ලේකම්වරුන්, සියලූම පළත් අධ්‍යාපන අධයක්ෂවරුන්, සියලූම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, සියලූම ජාතිික පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කර ඇත.

රටේ පවතින ප‍්‍රවාහන දුෂ්කරතා හේතුවෙන්  ගුරුභවතුන්ට සහන සැලසීමත්, දරුවනට නිසි අධ්‍යාපනයක් ලබා දීමත් වෙනුවෙන් මෙම ක‍්‍රියාවලිය සිදුකරන අතර, මෙම අනුයුක්ත කිරීම් අදාළ පාසල වෙත ස්ථාන මාරුවිමක් ලැබීම සඳහා හිමිකමක් නොවන බව දන්වා සිටී.