සති දෙකක් රජයේ සේවකයින් සේවයට කැඳවීම සීමා කරයි

සති දෙකක් රජයේ සේවකයින් සේවයට කැඳවීම සීමා කරයි

රට තුල ඇතිවී ඇති ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන අර්බුදය සමග පොදු ප්‍රවාහන සේවා දුර්වල මට්ටමක පැවැතීම හේතු කොට ගෙන රජයේ සේවකයන් ලබන සඳුදා (20දා) සිට සති දෙකක කාලයක් නිවසේ සිට වැඩකිරීමට හා අවශ්‍ය විට කැඳවීමට යටත්ව නිවසේ සිට වැඩ කිරීම නිර්දේශ කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යයේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්න මහතා (17) දින චක්‍රලේඛය නිකුත් කර ඇත.

එම චක්‍රලේඛය පහත දැක්වේ.