C189 සම්මුතිය ලංකාව තුළ සම්මත කරන්න -ප්‍රොටෙක්ට් සංගමයෙන් ඉල්ලීමක්

C189 සම්මුතිය ලංකාව තුළ සම්මත කරන්න -ප්‍රොටෙක්ට් සංගමයෙන් ඉල්ලීමක්

ජුනි මස 16 දිනට යෙදෙන ජාත්‍යන්තර ගෘහ සේවක දිනය නිමිත්තෙන් ඊයේ (16) දිනයේ කොළඹදී ගෘහ සේවකයන්ට අදාළ C 189 කම්කරු නීතිය ලංකාව තුළ අපරානුමත කිරීමට  ඉල්ලා සිටීමේ මාධ්‍ය සාකච්ඡාවක් ප්‍රොටෙක්ට් සංගමය සහ වැඩ කරන කාන්තාවන් සඳහා වන ආයතනය (Center for working women) මගින් සංවිධානය කර තිබුණි.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය වෙනුවෙන් නවදිල්ලියේ ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන් පිළිබඳ විශේෂඥවරිය වන එලීනා ගෙරසිමෝවා මහත්මිය සහ ILO ශ්‍රී ලංකා කාර්යාලයේ වැඩ සටහන් සම්පාදිකා ප්‍රමෝදිනී වීරසේකර මහත්මිය මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වීම විශේෂත්වයකි.

මේ අවස්ථාවට එක්වූ ප්‍රොටෙක්ට් සංගමයේ සභාපති හරිප්‍රිය හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේ ගෘහ සේවය නිසි නෛතික රාමුවකට ගෙන ඒම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බවට හිටපු කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රතිඥා දී තිබුණද, එම පොරොන්දුව රජය මෙතෙක් ඉටු කර නොමැති බවයි.


එමෙන්ම,ජාත්‍යන්තර ගෘහ සේවක දිනය සමරන අද දිනයේ ප්‍රිටෙක්ට් සංගමය ලෙස C189 සම්මුතිය ශ්‍රී ලංකාව තුළ අපරානුමත කිරීම සඳහා කටයුතු කරන ලෙසත් හෙතෙම මෙහිදී ඉල්ලීමක් කළේය.

22

තවද ගෘහ සේවක වෘත්තීය සමිති නිලධාරීන් විසින් පෙන්වා දුන්නේ මෙම ජාත්‍යන්තර ගෘහ සේවක දිනය සනිටුහන් කිරීම සඳහා ලංකාවේ කිසිඳු සැලකිල්ලක් නොදක්වන මෙම ගෘහ සේවකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ලබා දෙන ලෙසයි.

333

එමෙන්ම, C 189  ගෘහ සේවකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් සම්බන්ධයෙන් වන ප්‍රඥප්තිය වහා ලංකාවේ අපරානුමත කිරීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නිලධාරීන්ගෙන් මෙහිදී ඉල්ලා සිටියේය.