නීතිස සාධාරණ හා අපක්ෂපාති නොවුණහොත් භයානක ප්‍රතිඵල ඇතිවිය හැකියි - නීතිඥ සංගමය

නීතිස සාධාරණ හා අපක්ෂපාති නොවුණහොත් භයානක ප්‍රතිඵල ඇතිවිය හැකියි - නීතිඥ සංගමය

නීතිය හා සාමය සම්බන්ධයෙන් පවත්නා වත්මන් තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක කමිටුවේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

පොලිස් හා ත්‍රිවිධ හමුදා නිලධාරින් හට සේවය කිරීමට සිදුව ඇත්තේ දුෂ්කර පසුබිමක වුවත්, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරින් සාධාරණ හා අපක්ෂපාති ලෙස කටයුතු කරන ලෙසත් එසේ නොවුනහොත් රටට බලපාන භයානක ප්‍රතිඵල ඇතිවිය හැකි අතර එමගින් නැවත සැකසිය නොහැකි දැඩි හානි සිදුවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එම නිවේදනය පහතින් දැක්වේ.