ශ්‍රී ලංකන් ඈවරයි-සේවකයින් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වෙයි

ශ්‍රී ලංකන් ඈවරයි-සේවකයින් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වෙයි
ජනතාවට බරක් නොවීම පිණිස ශ්‍රී ලංකන් ගුවන් සේවය  ප්‍රතිව්‍යුහගත  ගත කිරීම මේ වසරේදී   අවසන් කළ යුතුව ඇතැයි වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
 
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ණය වී ඇති මුදල රුපියල් කෝටි  31500 කි.
 
මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේදී  කිසිදු සේවකයෙකු බලෙන් ඉවත් කිරීමට  ඉඩ නොදෙන බවත්, ඔවුන්ට ගෞරවනීය ස්වර්ණමය වන්දි ප්‍රතිලාභයක් (Golden Shakehand )ලැබෙන   පරිදි ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම යෝජනා කරන ලෙස  ශ්‍රී ලංකන් පාලනාධිකාරියට දැනුම්දුන් බවත්,  අමාත්‍යවරයා කියයි.
 


 


 
ඔහු මෙසේ පැවසුවේ  කටුනායක ශ්‍රී ලංකන් ගුවන් සේවයේ  නිදහස් සේවක සංගමයේ කාර්යාලයේ   පැවති සේවක නියෝජිත හමුවේදීය.
 
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය,ශ්‍රී ලංකන් කේටරින් සමාගම,ශ්‍රී ලන්කන් විධායක නිලධාරී සංගමය,භූමි  මෙහෙයුම් (Ground handling) නිලධාරීන්ගේ සංගමය,ගුවන් යානා තාක්ෂණික නිලධාරීන්ගේ සංගමය ඇතුළු සේවක සංගම්  කීපයක නියෝජිතයෝ මෙම සාකච්ඡාවට සහභාගිවූහ .