මිනිස්සු වැඩට එනවාට වඩා, ගෙදර හිටියහම ලාබ ගන්න පුළුවන් රටක් මේක

මිනිස්සු වැඩට එනවාට වඩා, ගෙදර හිටියහම ලාබ ගන්න පුළුවන් රටක් මේක

අද(20) සිට සතියක් රජයේ සේවයට නිවාඩු. මිනිස්සු වැඩට එනවාට වඩා, ගෙදර ඉන්න එක ලාබයි කියන එක තමයි ඒකෙන් කියවෙන්නේ. අපි රටක් විදිහට මේ වගේ වළක වැටෙන්න අදාල හේතුව තේරුම් ගන්න වෙන මොනවාවත් පර්‍යේෂණ අවශ්‍ය නැති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ, සභාපති රවි කුමුදේස් මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

එම මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, රටේ කාර්යක්ෂමතාවය ඵලදායි බව බිංදුවට වට්ටලා තියෙන්නේ. දේශපාලකයෝ වගේම පරිපාලකයොත් එක හා සමානව එහි වගකීම ගන්න ඕනේ.

කළමනාකරණ අදක්ෂ බව නිසා වලටම වැටිච්ච සේවාවක් තමා සෞඛ්‍ය සේවාව කියන්නේ. සෞඛ්‍ය සේවාව කළමනාකරණය කරන්න එක එක වර්ගයේ පාලකයෝ දහස් ගණණක් ඉන්නවා. නමුත් සෞඛ්‍ය සේවාව අඛණ්ඩව පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය පහසුකම් ටික දෙන්න කිසිවෙක් නෑ.

රාජ්‍ය පරිපාලන ලේකම්වරයා චක්‍රලේඛ ගහන්නේ කොලේ වහලා. සෞඛ්‍ය ලේකම් දැක්කේ නෑ වගේ ඉන්නවා. ආයතන ප්‍රධානීන් කියා ගන්නා කොටස හිතූ, හිතූ තීරණ අරගෙන සේවයට එන කාර්‍යමණ්ඩලයත් අධෛර්‍යට පත් කරවනවා. මේ වෙලාවේවත් යම් නිර්මාණශීලී බවක් ඇතුව ආයතන කළමනාකරණය කරගන්න බැරි, ආයතන අධ්‍යක්ෂකවරුන්ට පඩි ගෙවන එකේ තේරුමක් නෑති බව කුමුදේස් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.