පොලීසියට බාර වූ  අරගලකරුවෝ හත්දෙනා රිමාන්ඩ්

පොලීසියට බාර වූ  අරගලකරුවෝ හත්දෙනා රිමාන්ඩ්

පසුගිය දා කොටුව පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධාතවක නිරත වී මහජන දේපළවලට හානි කර ඇතැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනා ජුලි 01 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

(22) දින මරදාන පොලිසියට බාර වූ පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි, සමාජ මාධ්‍ය ක්‍රියාකාරී රතිදු සේනාරත්න හෙවත් රැට්ටා, ධම්මික මුණසිංහ, ලහිරු වීරසේකර, ජගත් මනුවර්ණ, එරංග ගුණසේකර හා ජෙහාන් අප්පුහාමි යන අරගලකරුවන් හත් දෙනා එදින සවස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට හමුවට පස්වරුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර කොට ඇත.

(ෆොටෝ ස්තුතියි - ද ලීඩර්)