මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි

ශ්‍රී ලංකා තරුණ ජනාමධ්‍යවේදීන්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු  සහ මානව හිමිකම් ක්‍රියාරිකයකු වන ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර හට ලබන 28 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ පෙනී සිටින ලෙස දැනුම් දුන් පොලිස් පණිවුඩයක් ඔහුගේ නිවසට ලැබී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලිපියක් යොමු කරමින් කියා සිටින්නේ ජනමාධ්‍යවේදියකු සහ මානවහිමිකම් ආරක්ෂකයකු වන තරිඳු උඩුවරගෙදරගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා කඩිනමින් මැදිහත්වී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, .

ඒ සම්බන්ධයෙන් විමසීමක් ඇත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක මධුසංඛ නම් නිලධාරියාගෙන් විමසන ලෙසට එහි සදහන් කර තිබිණි. ඒ අනුව එම නිලධාරියාට ඇමතුමක් ගෙන ඒ ගැන විමසද්දී තරිඳු උඩුවරගෙදරගේ යූටියුබ් චැනලය සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාලව මෙම ප්‍රකාශය ගන්නා බව දැනුම් දී ඇත. යූටියුබ් චැනලය ගැන විමර්ශනය කරන්නේ කුමන සිදුවීමකටදැයි විමසද්දී ඔහු ප්‍රකාශ කර ඇත්තේ සියලුම වීඩියෝ සම්බන්ධයෙන් විමර්ශනය යන බවයි. ගුවන් හමුදා බුද්ධි අංශයෙන් කළ පැමිණිල්ලක් අනුව විමර්ශන සිදුවන බවත්, ඇතැම් වීඩියෝවල අන්තර්ගතයට අදාල නැති ශීර්ෂ ඇති බවත් එම නිලධාරියා ප්‍රකාශ කර ඇත.

මෙය බරපතල තත්ත්වයකි. තරිඳු උඩුවරගෙදර යනු රාවය, අනිද්දා වැනි පුවත්පත්වල දීර්ඝ කාලයක් සේවය කළ ජනමාධ්‍යවේදියෙකි. ඔහු තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ලෙසද වසර 02ක කාලයක් කටයුතු කර තිබේ. වෘත්තීය ජනමාධ්‍යවේදියකු වන තරිඳු උඩුවරගෙදර තම චැනලයතුලින් තොරතුරු සහ මත ඉදිරිපත් කිරීම සිදු කරන අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකමකි.

එසේ තිබියදී එම මාධ්‍යවේදියාගේ කටයුතු සම්බන්ධයෙන් සහ මාධ්‍ය ආයතනය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සහ ඔහු කැඳවීමත් බරපතල කාරණයක් වන අතර ඔහුගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස හීන කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පැමිණිලිකරුවන් කටයුතු කරමින් යන බව පෙනෙන්නට තිබේ.

වර්තමාන ආණ්ඩුව ගෙන යන රාජ්‍ය මර්දනයේ එක් පියවරක් ලෙස තරිඳු උඩුවරගෙදර අපහසුතාවට පත් කිරීමට සහ/හෝ ඔහු අත්අඩංගුවට ගෙන පීඩාවට පත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ ගන්නවාදැයි සැකයක් පවතී.

ජනමාධ්‍යවේදියකු සහ මානවහිමිකම් ආරක්ෂකයකු වන තරිඳු උඩුවරගෙදරගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා කඩිනමින් මැදිහත්වී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.