ගුරු විභාග සමත් උපාධිධාරීන් හා සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම ගැන අලුත් ආරංචියක්!

ගුරු විභාග සමත් උපාධිධාරීන් හා සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම ගැන අලුත් ආරංචියක්!

ජාතික පාසල්/පළාත් පාසල් සේවයේ නියුතු ආශ්‍රිත සේවා MN -04 උපාධිධාරීන්ට ගුරු සේවය සඳහා අවස්ථාව ලබා නොදීම, නිවාඩු දිනවල හා විශේෂ නිවාඩු දිනවල පාසල්වෙත වාර්තා කිරීමට සිදුවීම, 2018 -2020 වර්ෂවල අවුරුද් 35ට අඩු සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීමේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් හා ගුරු තරඟ විභාග සමත් උපාධිධාරීන් ගුරු සේවයට ඇතුළත් කර නොගැනීම ඇතුළු තවත් ඉල්ලීම් හා යෝජනා කිහිපයක් සම්බන්ධයෙන් ඊයේ දිනයේ (21) සංවර්ධන නිලධාරී සේවා සංගමය විසින් ගරු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු බලධාරීන් හමුවිය.

22

එම සාකච්ඡාව ගරු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මැතිතුමා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සම්බන්ධ වූ අතර සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි සහෝදරයා ඇතුළු නිලධාරීන් සංගමය වෙනුවෙන් සම්බන්ධ විය. සාකච්ඡාව කළ ගැටලු සම්බන්ධයෙන් සාධනීය විසදුම් ලැබුණු බව සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ප්‍රකාශ කරන ලදි.



වැඩබිම තවත් පුවත් කියවන්න...



 

1