උපාධිධාරීන්ට ස්ථිර පත්වීම් ලබා දීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්!

උපාධිධාරීන්ට ස්ථිර පත්වීම් ලබා දීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්!
රැකියා විරහිත උපාධිධාරින් රැකියාගත කිරීමේ වැඩසටහන - 2020 දෙවන අදියර සහ තෙවන අදියර යටතේ බඳවාගත් උපාධිධාරීන්ට ස්ථිර පත්වීම් ලබා දීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් විසේෂ නිවේදනයක් නිකුත්කර තිබේ.
 
එම නිවේදනයට අනුව අභ්‍යාසලාභී උපාධිධාරීන් ලෙස 2021 වසරේ පෙබරවාරි සහ 2021 වසරේ මාර්තු මාසවලදී පුහුණුව සඳහා බඳවාගෙන ඒකාබද්ධ සේවය යටතේ රජයේ ආයතනවලට හා ජාතික පාසල්වලට ස්ථීර පදනමින් අනුයුක්ත කර ඇති අභ්‍යාසලාභී උපාධිධාරීන් 2022.04.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ඒකාබද්ධ සේවයේ සංවර්ධන නිලධාරී සේවයට ස්ථීර පදනමින් පත් කිරීමට අවශ්‍ය කටයුතු කළ යුතුව තිබෙන බව පෙන්වා දී ඇත.
 


 



එම නිලධාරීන් මේවන විටත් ස්ථීර පදනමින් සේවා ස්ථානවලට අනුයුක්ත කර ඇති බැවින් ඔවුන්ගේ ස්ථීර පත්වීම් ලිපි එම අනුයුක්ත කළ සේවා ස්ථානවල ප්‍රධානීන්ට ලැබීමට සලස්වන බවත් නිවේදනයේ සඳහන්.

අමාත්‍යාංශය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහතින්....
 
22
 
2
 
3