රාජ්‍ය සේවයේ පත්වී නොලැබූ උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන්ට වැදගත් නිවේදනයක්!

රාජ්‍ය සේවයේ පත්වී නොලැබූ උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන්ට වැදගත් නිවේදනයක්!

රාජ්‍ය සේවයේ පත්වී නොලැබූ උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන්ට වැදගත් නිවේදනයක් සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරිය ආරච්චි මහතා විසින් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව චන්දන සූරිය ආරච්චි මහතා සඳහන් කළේ,  "අභ්‍යාසලාභී උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් ස්ථීර කිරීම සම්බන්ධයෙන් මේවනවිටතවමත් ස්ථීර පත්වීම් නොලැබූ උපාධිධාරීන් ප්‍රමාණයක් සිටින අතර ඔවුන් වරින් වර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත වාර්තා කරමින් ඔවුන්ගේ ගැටළු ඉදිරිපත්කර තිබුණා. විශේෂයෙන්ම උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන්ගේ මේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට 29 වෙනි දින රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ බලධාරීන් සමඟ සාකච්ඡා කර කඩිනම් මේ පිරිස් හට පත්වීම් ලබා දීමේ ක්‍රියාවලිය අවසන් කිරීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීමට නියමිත විය.එහිදී දැනට ස්ථීර නොවූ උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන්ගේ තොරතුරු ලබා ගැනීමක් ගූගල් ෆෝම් එකක් හරහා සිදුකරනු ලැබුවා." ලෙස වැඩිදුරටත් සඳහන් කළේය.



සම්පූර්ණ වීඩියෝ පටය පහතින් නරඹන්න...