උපාධිධාරීන් 22,000කට ගුරුසේවයට බැඳීමේ අවස්ථාවක්

dinesh-gunawardhana

රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන්ගෙන් 22,000කට ආසන්න සංඛ්‍යාවක් ගුරු සේවය සඳහා බඳවා ගැනීමට හැකියාව ඇති බවත් ඔවුන් ඒ සඳහා ඉල්ලුම් කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියයි.         

උසස් අධ්‍යාපනය සඳහා සිසුන්ට ගතවන කාලය අවුරුද්දකට ආසන්න, කාලයකින් අඩුකර ගැනීම පිණිස, මෙවර සිට උසස් පෙළ විභාග ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීම කටයුතු කරන බවද දිනේෂ් මහතා කියා සිටී.

මේ වනවිටත් ජනාධිපතිතුමා ඇතුළු රජය විශ්වවිද්‍යාල සිසුන් 50 000( පනස් දහසක්) සඳහා ඉඩකඩ වෙන්කර ඇති බවද අමාත්‍යවරයා කීය.



උපාධිධාරී ඔබට වැදගත් තවත් පුවත් කියවන්න...

ජාතික පාසල් ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන්ට අවස්ථාවක් -ඉක්මනින් අයඳුම් කරන්න

ජනවාරි ස්ථීර කරන ලද උපාධිධාරීන්ට හිමි වැටුප් සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක්!

සුදුසුකම් සපුරා ඇති උපාධිධාරීන්ට ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගන්න

60,000ක ගුරු පුරප්පාඩු පුරවන්න උපාධිධාරීන් බඳවා ගන්න

රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීම් නොලැබූ උපාධිධාරීන් ගැන විශේෂ සාකච්ඡාවක්

පවතින ගුරු හිඟතාවය මඟහරවා ගැනීමට උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් බඳවා ගන්න



සෑම, ගුරුවරයෙක් ම පුහුණු ගුරුවරයෙක් බවට පත්කිරීම තවත් ඉලක්කයක් බව පැවසූ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, දරුවන්ට පමණක් නොව, දරුවන්ට උගන්වන සියලු ගුරුවරුන් තොරතුරු තාක්ෂණ (IT) දැනුමෙන් සන්නද්ධ කිරීම අනෙක් ඉලක්කය බවද පැවසීය.

විශ්වවිද්‍යාලයෙන් ශිෂ්‍යයෙකු විශ්වවිද්‍යාලයෙන් පිටවන විට තොරතුරු තාක්ෂණ දැනුමෙන් පරිපූර්ණ විය යුතු බවට තීරණයක් ගෙන තිබෙන බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම මවුබසට අතිරේකව, භාෂාවක් ලෙස, පාසල්වල ඉංග්‍රීසි අඛණ්ඩව ඉගැන්වීමද නව වැඩපිළිවෙළට අයත් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුයේ පසුගියදා රැස්වූ පාර්ලිමේන්තුවේ අධ්‍යාපන උපදේශක කාරක සභාවේදීද මෙම බොහෝ කාරණා පිළිබඳ සාකච්ඡා වූ බවය.

විද්‍යා පීඨවලින් පිටවන ගුරු සිසුන්ගේ ගුණාත්මකභාවයට හානි නොවන සේ ඔවුන්ට උපාධියක් ලබාදීම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා වූ බව ඔහු කියා සිටියේය.

(ශ්‍රී ලංකා මිරර්)