රටපුරා පාසල් පද්ධතිය තුළ ගුරු පුරප්පාඩු 60 000කට ආසන්න ප්‍රමාණයක් පවතින බවත්, නමුත් ආණ්ඩුව බඳවා ගැනීමට පියවර ගෙන ඇත්තේ ඉන් 22,000කට ආසන්න ප්‍රමාණයක් පමක් වන නිසා එම 22 000ක ප්‍රමාණයත් වයස් සීමා කොන්දේසි ඉදිරිපත් කරමින් පිරිසකට අසාධාරණයක් සිදු කරමින් පවතින බැවින් ගුරු තරඟ විභාග වල දී සමත් වූ උපාධිධාරීන් ඇතුළු පිරිසට අවස්ථාව හිමිවන පරිදි ගුරු සේවයේ පුරප්පාඩු පුරවන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් සංවර්ධන නිලධාරි සේවා සංගමය කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, එම ගුරු පුරප්පාඩු පිරවීමේ දී දැනට ජාතික පාසල් හා පළාත් පාසල්වල ඉගැන්වීම් කටයුතු කරන, එමෙන්ම පළාත් මට්ටමින් පැවති ගුරු තරඟ විභාග වල දී සමත් වූ උපාධිධාරීන් ඇතුළු පිරිසට අවස්ථාව හිමිවන පරිදි ගුරු සේවයේ පුරප්පාඩු පුරවන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු.
ඉහත ඉල්ලීම් මුල් කර ගනිමින් 2022 පෙබරවාරි 21 දින පෙරවරු 11.30ට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්වෙන උදඝෝෂණය සඳහා මාධ්‍ය ආවරණය ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
