දීප ව්‍යාප්ත ගුරු පුරප්පාඩු ගැසට් වෙයි -ගුරු අපේක්ෂාවෙන් සිටි ඔබට මෙන්න අවස්ථාව

දීප ව්‍යාප්ත ගුරු පුරප්පාඩු ගැසට් වෙයි -ගුරු අපේක්ෂාවෙන් සිටි ඔබට මෙන්න අවස්ථාව

දිවයිනේ ජාතික පාසල්වල විදේශ භාෂා ඉගැන්වීමට ශ්‍රී ලංකා ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ විවෘත තරග විභාගය 2021 සඳහා දීපව්‍යාප්ත මට්ටමින් සුදුස්සන්ගෙන් අයඳුම්පත් කැඳවා තිබේ.

ඒ සඳහා වන අයඳුම්පත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියේ "Our Service" යටතේ ඇති "Online Applications -Institutional Exams" ඔස්සේ පලකර තිබෙන අතර අයඳුම්පත් ඉදිරිපත් කළ හැක්කේ මාර්ගගත ක්‍රමයට (Online) පමනක් බව අධ්‍යාපන අමාත්‍ංයාශය නිකුත්කළ නිවේදනයේ සඳහන්.

අයඳුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ යොමුකිරීමෙන් අනතුරුව එය බාගතකර මුද්‍රිත පිටපතෙහි අදාළ කොටස් අත් අකුරින් පුරවා අයඳුම්කරුගේ අත්සන සහතික කර අදාළ නම් ආයතන ප්‍රධානියාගේ සහතිකය සමඟ අයඳුම්පත් භාර ගන්නා අවසාන දිනට හෝ ඊට පෙර "විභාග කොමස්සාරිස් ජනරාල්, ආයතනික විභාග සංවිධාන ශාඛාව, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව,තැ.පෙ.1503,කොළඹ ." යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමුකළ යුතුය.

සම්පූර්ණ නිවේදනයට මෙතනින් පිවිසෙන්න...