කම්කරුවන්ගේ වෘත්තීය අයිතීන් වෙනුවෙන් කැපවූ මයුරා ධර්මවර්ධන සම්මානයෙන් පිදුම් ලබයි

කම්කරුවන්ගේ වෘත්තීය අයිතීන් වෙනුවෙන් කැපවූ මයුරා ධර්මවර්ධන සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රමාභිමානී ජාතික සංවිධානය, පක්ෂ පාට හා ජාති ආගම් භේදවලින් තොරව ක්‍රියාත්මක වන සංවිධානයකි. දිවයින පුරා විසිර සිටින සාමාජික සාමාජිකාවන්ගේ අදහස් හා යෝජනා සමඟ විවිධ කතිකාවන් මත රටේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාත්මක සංගමයකි. 

ශ්‍රමාභිමානී ජාතික සංවිධානය සෑම වසරක් පාසාම ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලබන “ශ්‍රමාභිමානී සම්මාන උළෙල” මෙවර “ශ්‍රමාභිමානී 2022” නමින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය අප්‍රේල් මස 02 වෙනි දින උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය.

2022 ඇගැයීම් උළෙලේදී මෙවරද විවිධ ක්ෂේත්‍රවල යහපත් පුරවැසියන්, පුද්ගලයන් හා රාජ්‍ය අංශයේ කීර්තිමත් ව්‍යවසායකයන්, වෘත්තිකයන්, කලාකරුවන්, මාධ්‍යවේදීන්, සමාජ සේවකයන් ඇතුළු රටේ ජීවනාලිය වූ ආර්ථිකය සවිමත් කිරීමට උරදෙන ව්‍යවසායකයන්ද දිරිමත් කිරීම සඳහා ඔවුන් අභිමානවත් අන්දමින් ඇගැයීමට ලක්කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබිණ.

මේ අවස්ථාවේදී වැඩකරන ජනතාව වෙනුවෙන් වෘත්තීය අයිතීන් දිනා ගැනීම සඳහා තම වෘත්තියෙන් හා නායකත්වයෙන් ජීවිතය කැපකරමින් සිදුකල මෙහෙවර උදෙසා ජාතික කම්කරු කොංග්‍රසයේ සභාපතිනී මයුරා ධර්මවර්ධන මහත්මිය සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

22

group