වතු ජනතාවට ස්ථිර ඉඩමක් ඉල්ලයි

Previous Next

‘ඉඩම් නොමැති අයට ඉඩම්’ යන තේමාව යටතේ කඳුකර ජනතාවගේ ජීවිතය පිළිබිඹු කරන කලාත්මක හා සංස්කෘතික වටිනාකම් රැසකින් සමන්විත ජාතික ඉඩම් දිනය මුල්කර ගෙන පාගමනක් හැටන් නගරයේදී පසුගිය දා පැවැත්විණි.

“නිවසක් හදන්න පර්චස් 20ක ඉඩමක් දෙන්න, ගෙයක් එක්ක කෘෂිකාර්මික ඉඩමක් දෙන්න” වැනි සටන් පාඨ රැගත් බැනර් ප්‍රදර්ශනය කරමින් ඔවුහු පාගමනක නිරත වූහ.

උඩරට ඉඩම් හිමිකම් ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබූ මෙම පාගමන උඩරට ප්‍රදේශයේ විශේෂයෙන්ම දෙනියාය, මාතලේ, බදුල්ල සහ නුවරඑළිය ප්‍රදේශවලින් විවිධ බහුජන සංවිධාන, සමාජ ක්‍රියාකාරීන් සහ පර්යේෂකයන් සහභාගී වී සිටියහ.

"කඳුකර ජනතාවගේ ගෞරවනීය ජීවිතයට සහ ජීවනෝපාය සඳහා ඉඩම් අයිතිය ශක්තිමත් කරමින් රටේ ජාතික ප්‍රවාහයට ඔවුන්ගේ සහභාගීත්වය තහවුරු කරමින් අපේ ජාතියේ සංවර්ධනය අපි තහවුරු කරන බව" විරෝධතාකරුවන් අවධාරණය කිරීම විශේෂත්වයකි.

ස්තුතිය - රන්ජන් රාජසේවරන්