අපේ රට අංශ බාගය හැදිච්ච රටක් වගේ රට භාරගන්න ප්‍රායෝගික විද්වතුන් සූදානම් - "සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ජාතික ව්‍යාපාරය" ජනපති සහ අගමැති කියයි

අපේ රට අංශ බාගය හැදිච්ච රටක් වගේ රට භාරගන්න ප්‍රායෝගික විද්වතුන් සූදානම් - "සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ජාතික ව්‍යාපාරය" ජනපති සහ අගමැති කියයි

අපේ රට මේ වන විට අංශභාගය වැළඳුන රෝගියකුගේ තත්ත්වයට පත්ව ඇති බවත් ඉතා ඉක්මනින්ම අපේ රට සිහි විසඥ වී මිය යන තත්ත්වයට පත්වීම වැළැක්විය නොහැකි බැවින් වහ වහා කට තවදුරටත් විනාශයට පත් නොකොට ප්‍රායෝගික විද්වතුන් විසින් එය භාරගෙන මෙහෙයවිය යුතු බව සෞඛ්‍ය වෘතිකයන් ජාතික ව්‍යාපාරය බිහි කරමින් එහි සම කැඳවුම්කරු ලෙස කටයුතු කරන වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන් වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.

සෞඛ්‍ය සේවය තුළ ලක්ෂ දෙකකට ආසන්න සෞඛ්‍ය සේවකයන් ද එකිනෙකට වෙනස් විවිධ සෞඛ්‍ය ශ්‍රේණි දෙසීයකට ආසන්න ප්‍රමාණයක ද නියෝජිතයන්ද නියෝජනය වන පරිදි රටේ ජාතික අවශ්‍යතා උදෙසා සෞඛ්‍ය පද්ධතියේ සෘජු දායකත්වය ලබාදීමටත් ඒ සඳහා ප්‍රායෝගිකව මැදිහත්වීම සඳහා වෘත්තිකයන් බිහි කිරීම අරමුණු කොට බිහි කරන ලද සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ජාතික ව්‍යාපාරය ජනමාධ්‍යවල හඳුන්වා දීමේ විශේෂ උත්සවය පසුගියදා මරදාන සමාජ හා සමාජයීය කෙන්ද්‍රයදී දී සිදුවිය.

රටේ මිනිස් අයිතිවාසිකම් සම්පූර්ණ කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන සෞඛ්‍යය අධ්‍යාපනය ආහාර සුරක්ෂිතතාව බලශක්ති සැපයුම තොරතුරු තාක්ෂණ සේවාවන් ඇතුළු ප්‍රධාන පද්ධති සියල්ලම ශීඝ්‍රයෙන් බිඳ වැටෙමින් පවතින තත්වය තවදුරටත් ඇතැම් වෘත්තීය වේදීන් දේශපාලන ව්‍යාපාරවල හා දේශපාලකයින්ගේ අතකොළු බවට පත් වෙමින් කටයුතු කරන බවත් අතීතයේ සහ වර්තමාන අත්දැකීම් අනුව දේශපාලකයන් බලයට පත් වීම සඳහා වෘත්තිකයන් පාලම ලෙස භාවිතා කරන බැවින් ද ඔවුන් බලයට පත් වූ පසුව එම පාලම සුණු විසුණු කොට තම පෞද්ගලික අරමුණු වෙනුවෙන් තවදුරටත් කටයුතු කිරීම නිසා අපේ රට ගොඩ ගත නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවද වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය වෘත්තිකයන්ගෙ ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු රවී කුමුදෙශ් මහතා ප්‍රකාශ කළේ අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය මේ වන විට කිසිසේත්ම පවත්වාගෙන යා නොහැකි තත්ත්වයට බිඳ වැටී ඇති බවයි ඒ සඳහා දුර්වල දේශපාලන යාන්ත්‍රණය සහ දුර්වල කළමනාකරණය ක්‍රමය එක හා සමානව ඍජුව වගකිව යුතු බවද මේ රටට ඖෂධ ආනයනය කිරීම සඳහා බොහෝ ඖෂධ සමාගම් දැඩි මැලි බවක් දක්වනු ලබන්නේ ය පසුගිය කාලසීමාවේදී ගෙවිය යුතු රුපියල් මිලියන ගණනක හිග මුදල් ගෙවා නොමැති නිසා බවද පැවසීය.

අදටද සෞඛ්‍ය සේවය පවත්වාගෙන යනු ලබන්නේ දේශපාලකයන් හෝ නිලධාරීන්ගේ හපන් කම් නිසා නොව සෞඛ්‍ය වෘතිකයන් සියලු දෙනාම කණ්ඩායම් හැඟීමකින් කිසිදු ප්‍රතිලාභයකි තොරව එකාවන්ව කටයුතු කිරීමේ ැපවීම නිසා බවත් තවදුරටත් කැපවීම කිසිවකුත් අවතක්සේරු ලක් කරන්නේ නම් සෞඛ්‍ය පද්ධතිය වසා දැමීම හැර අන් කිසිවක් කළ නොහැකි බවද අවධාරණය කරන ලදී.

සෞඛ්‍ය වෘතිකයන් ගේ ජාතික ව්‍යාපාරය අමතක ලද ලද වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ ලේකම් ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ රටට ගෙන්වන ලද විදේශ ණය මුදල් නිසි පරිදි කළමනාකරණය කිරීමට නිලධාරීන් දක්වන ලද අසාර්ථක බවත් කල්තියා පුරෝකථනයන් ගෙන කළමණාකරන උපක්‍රම භාවිතා නොකොට දේශපාලකයින් මෙන්ම දූෂිත පරිපාලන තීන්දු ගැනීම නිසා මේ රට නරා වලක් බවට පත් වෙමින් පවතින බැවින් ඒ සඳහා දේශපාලකයින් මෙන්ම නිලධාරීන්ද සෘජුව වගකිව යුතු බව ජනතාව තරයේ සිහියේ තබා ගත යුතු බවයි.

අතිවිශාල විධායක බලයක් ද පාර්ලිමේන්තු බලයක් ද සහිතව රට මේ තරම් අහල තත්වෙට ගෙනයාම පුදුම සහගත බවත් මෙය ස්වාභාවික ලෙස ඇතිවූ අර්බුදයක් නොවේ කිසිවකු විසින් හෝ නිර්මාණය කළ අර්බුදයක් බව ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇති බවද වෛද්‍ය බණ්ඩාර මහතා මෙහිදී පැවසීය.

තවදුරටත් මේ අන්දමට රට අගාධයට ගමන් කළහොත් රටේ අනාගත පරපුරට ජීවත් වීමට පවා රටක් අහිමි වන බවත් මේවන විට රටේ සියලුම වෘත්තිකයින් සහ සාමාන්‍ය මහජනතාව මෙතරම්ම පීඩාවට පත්කර තිබියදී ඇතැම් ප්‍රත්‍යයන් සහ ජනතා ව දක්වන අසීමිත ඉවසීම හා වහල්භාවය පුදුම සහගත බවද පැවසීය.

       

මෙම අවස්ථාවට ශ්‍රි ලංකා වෛද්‍ය වෘත්තිකයන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ වෛද්‍ය රුචිර සරණපාල

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් ලද වෛද්‍ය වෘත්තීය සමිති සන්ධානයේ විධායක සභික වෛද්‍ය හිරාන් කරසිංහ රජයේ විකිරණ වේදීන්ගේ සංගමය සභාපති චානක ධර්ම වික්‍රම මහතා ඇතුළු වෘත්තීය වේදීන් රැසක් සහභාගි වී සිටියහ.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති හා සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කළේ තම ජාතික ව්‍යාපාරය මේ රටේ ආගමික දේශපාලන හා සිවිල් සංවිධාන ද ඒකාබද්ධ කොට ජනතාව දැනුවත් කොට නව රටකට පුරවැසි යන් බිහි කිරීම සඳහා වන ප්‍රබල ජාතික ව්‍යාපාරයක් බවට පත් කිරීම සඳහා සැලසුම් දැනටමත් සකස් කර ඇති බව යි.