පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ගිනි අව්වේ තෙල් පෝළිම් වල

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ගිනි අව්වේ තෙල් පෝළිම් වල

සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබාදීමේ ප්‍රමුඛතාවයක් ලබාදෙන බව රජය පවසා සිටියත් එය ක්‍රමවත්ව, නිසියාකාරව ඉටුවන බවක් පෙනෙන්නට නැති බවත් ඉන්ධන ලබාගැනීම සඳහා වසා දමා ඇති ඉන්ධන හල් වල පේලීමේ සිටින සෞඛ්‍ය සේවකයින් රටේ සෑම තැනකම දක්නට ලැබෙන තත්ත්වයකි.

විශේෂයෙන් ගමේ මව්වරුන්ගේ, ගැබිණි මව්වරුන්ගේ, කුඩා දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සොයා බැලීම, උපදෙස් ලබාදීම, ඖෂධ ලබාදීම හා නියමිත වේළාවට වෛද්‍යවරයා වෙත යොමු කිරීම කරනු ලබන්නේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විසිනි.

ඔවුන්ගේ කාර්යභාරය ඉතා විශිෂ්ඨය. ඉතා අඩු පහසුකම් යටතේ ඉතා දුෂ්කර ප්‍රදේශවල තම රාජකාරිය ඉටුකරන රාජ්‍ය සේවකයින් අතරින් ඔවුන් ඉහලින්ම සිටිනු ඇත.

මේ ඡායාරූපවලින් දැක්වෙන්නේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ගිනි අව්වේ ඉන්ධන ලබාගැනීම සඳහා ඉන්ධන පෝලීමේ සිටින ආකාරයයි.

 

(ඡායාරූප ස්තුතිය - අවන්ති ලිවේරා)