දුම්රිය හදිසි වර්ජනයක් අරඹයි

දුම්රිය හදිසි වර්ජනයක් අරඹයි

දුම්රිය සේවකයින් වහා ක්‍රියාත්මක වන පරිදි වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙන බව දුම්රිය නගා සිටුවිම සදහා වු වෘත්තීය එකමුතුවේ කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ “වැඩබිම“ කළ විමසීමකදී එය තහවුරු කළේය.

දුම්රිය සේවකයින් සදහා ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමේදි මතුව ඇති ගැටළු නිසා නියමිත වේළාවට දුම්රිය සේවකයින් හට සේවයට පැමිණීම හැකිවන අයුරින් අර්බුදයට විසඳුමක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉන්ධන ලබාදෙන ලෙසත්, ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කර ක්‍රියාවට නංවන ලෙසත් ඉල්ලා තිබුණත්, කිසිඳු සැලසුමකින් තොරව ඉන්ධන ලබාදීමට කටයුතු කිරීම නිසා සියලු සේවකයින් ඉන්ධන පෝළිමට එකතු විම මගින් මෙම තත්ත්වය ඇතිවී ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

මේ තත්ත්වයට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා මුළුමනින්ම වගකිම බාරගත යුතු බවත්, වැඩපිළිවෙලක් නොමැතිකම හා වගකීම් විරහිත ක්‍රියාමාර්ගයන් නිසා මෙම තත්ත්වය ඇතිවී ඇති බවත් ඉන්දික දොඩංගොඩ මහතා පවසා සිටියා.

දුම්රිය වෘත්තීය සමිති රැසක් විසින් ආරම්භ කර ඇති අතර, මෙම වර්ජනයට දුම්රිව එංජින් රියදුරන් සහ දුම්රිය නියාමකයින් ද එක්ව සිටින බව වාර්තා වේ.