අරගලකරුවන්ගේ යෝජනා වලට වෘත්තීය සමිති එකඟ වෙයි

අරගලකරුවන්ගේ යෝජනා වලට වෘත්තීය සමිති එකඟ වෙයි

වෘත්තීය සමිති හා බහුජන සංවිධානයත් ගාලුමුවදොර අරගලකරුවන් අතර විශේෂ සාකච්ඡාවක් අද ලංකා බැංකු සේවක සංගම් මුලස්ථානයේදී පැවැත්වුණි. එම සාකච්ඡාවේදී ගෝටාභය - රනිල් ප්‍රමුඛ දුර්දාන්ත ආණ්ඩුව වහා ක්‍රියාත්මක වන පරිදි ගෙදර යන්නයි බලකරමින් ගෙන ගිය අරගලයේ අභිලාෂයන් ජයග්‍රහණය කරවීම සඳහා අරගලකරුවන්ගේ කණ්ඩායම විසින් පසුගියදා ප්‍රකාශයට පත් කරන ලද "අරගලයේ හෙට දවස" නම් ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුවේ අදහස සහ යෝජනා ඉදිරිපත් කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.

එහිදී වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන විසින් තම ක්ෂේත්‍රයන්ට අදාලව ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් කළ හැකි යෝජනා ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳව දීර්ග වශයෙන් සාකච්චා කිරීමට ඉදිරියේදී නැවත නැවත රැස්වීමටද එකඟ විය. එහිදී ක්‍රියාකාරී සැලැස්ම සංවර්ධනය කිරීම සඳහා ඉදිරියේදී වෘත්තීය සමිති සහ බහු ජන සංවිධාන එකතුවේ සම්පුර්ණ සහයෝගය ලබා දෙන බවද පැවසීය.

එසේම රනිල් වික්‍රමසිංහ එළවීම, මහජන කවුන්සිලය ගොඩනැගීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අන්තර් කාලින පාලනයක් ගොඩ නැගීමේදී ගත යුතු සහ ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද සකච්ඡාව විය. එසේම 20 වෙනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු චන්ද විමසීමේ තුළින් රට රනිල් වික්‍රමසිංහ නැවත අබලයට ගෙන ඒමටත් කටයුතු කරන බවද පැවසිය. ඒ ඊට විරුද්ධව ද ක්‍රියාමාර්ග ගන්නා බව පවසන ඔවුන් 18 වනතා ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් ද 19 වනදා සියළු බලවේග එක්ව ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කර දීපව්‍යාප්ත උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක් සහ හර්තාලයක් ද සිදු කරන බව වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුව ප්‍රකාශ කළා. ඒ සඳහා ගෝල්ෆේස් අරගලකරුවන්ගේ සහයෝගයද ලබා දෙන බව පැවසීය . සාකච්ඡාව අවසනයේ දී අරගලකරුවන් සහ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුවේ මාධ්‍ය හමුදා පවත්වන ලදී.