මෙරට ලක්ෂ 15 කට රැකියා අහිමිවෙයි

මෙරට ලක්ෂ 15 කට රැකියා අහිමිවෙයි
වර්තමානයේ රට තුළ නිර්මාණය වී ඇති  ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරිම් සම්පූර්ණයෙන් අඩාලවී තිබෙන බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරිම්කරුවන්ගේ සංගමය නිවේදනය කර තිබේ.
 

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ජාතික ඉදිකිරිම්කරුවන්ගේ සංගමයේ සභාපති එම්.ඩී.පෝල් මහතා සඳහන් කළේ මේ හේතුවෙන් වර්තමානය වනවිට පුද්ගලයින් ලක්ෂ 15 කට ආසන්න පිරිසකට රැකියා අහිමි වී තිබෙන බවයි.