පවතින ඉන්ධන අර්බුදයෙන් රෝහල් ගණනාවක් වැසෙන ලකුණු

පවතින ඉන්ධන අර්බුදයෙන් රෝහල් ගණනාවක් වැසෙන ලකුණු

පවතින ඉන්ධන හිඟය හේතුවෙන් රෝහල් ගණනාවක් වැසී ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දෙයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සඳහන් කළ අතර මෙතෙක් කල් කිසිදු වර්ජනයකට සහභාගී නොවූ ළමා රෝහල ද වර්ජනයක් සඳහා සූදානමක පවතින බවත් පැවසීය.

මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා තවදුරටත් සඳහන් කළේ, පසුගියදා දෙහිඅත්තකණ්ඩියේ වෛද්‍යවරයෙකුට පහරදීමක් සිදුව තිබෙන අතර එහිදී හිසට සිදුවූ තුවාල හේතුවෙන් මේවනවිට ප්‍රතිකාර ලබමින් සිටින බවයි. අදාල සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර සාධාරණ තීරණයක අවශ්‍යතාවය පැහැදිලි කරමින් දෙහිඅත්තකණ්ඩිය රෝහල ඇතුළු රෝහල්වල වැඩවර්ජන ක්‍රියාත්මක  වෙන බව සඳහන් කළේය.

මේ අතර පොළොන්නරුව රෝහලේ මේ වනවිට වැඩවර්ජනයක් ක්‍රියාත්මක වී ඇති බවත් මැදිරිගිරිය රෝහල වැසී යෑමේ අනතුරකට ලක්ව ඇතැයි ද වෛද්‍යවරයා පැවසීය.

මේ අතර ඉන්ධන ලබාගැනීමට යාමේදී සේවකයෙකුට පහරදීමේ සිදුවීමක් මුල් කරගනිමින් කහවත්ත මූලික රෝහලේ කාර්යය මණ්ඩලය වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙන බවත් සඳහන් කළේය.