උතුරෙන් පැන්න බවට සැක හුළං බෝට්ටුවක් හමුවෙලා

උතුරෙන් පැන්න බවට සැක හුළං බෝට්ටුවක් හමුවෙලා
උතුරේ සිට ඉන්දියාවට ගිය බවට සැකකෙරෙන බැලුන් බෝට්ටුවක් ඉන්දියාවේ තමිල්නාඩු වේදරායන් වෙරළේ අතහැර ගොස් තිබියදී තමිල්නාඩු පොලීසිය විසින් ඊයේ සොයාගෙන තිබේ. 
 
හුළං පිරවීමෙන් පසුව දෙදෙනෙකුට ඉතා සුව සේ ගමන් කිරීමට හැකි මෙම බැලුන් බෝට්ටුව පොලීසිය විසින් සොයා ගන්නා විට එය අබලන් වී තිබූ බව වාර්තා වනවා. වේ.
 
බෝට්ටුව අසළ තිබී පොම්පයක් පාවහන්, ජැකට්, ඇස් කණ්ණාඩි, වතුර බෝතල් 18ක්, පාවෙන බෑග් වැනි ද්‍රව්‍ය කීපයක්ද පොලීසිය විසින් සොයා ගෙන තිබේ. 
 
බෝට්ටුවෙන් පැමිණි පිරිස පලා ගොස් ඇති බවට සැකකෙරෙන අතර මෙසේ අභිරහස් ලෙස තමිල්නාඩු ප්‍රදේශයෙන් හමු වූ බෝට්ටුව සම්බන්ධයෙන් පොලීසිය හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.