සහකාර කථිකාචාර්යවරිය ප්‍රපාතයෙන් වැටී මිය යයි

සහකාර කථිකාචාර්යවරිය ප්‍රපාතයෙන් වැටී මිය යයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ තරුණ සහකාර කථිකාචාර්යවරියක පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සමඟ මාවනැල්ල උඩුවම්කාන්ත පර්වතය තරණය කරමින් සිටියදී අඩි 300ක් පමණ උස ප්‍රපාතයකින් වැටීමෙන් මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි විරාස්මි කොඩිතුවක්කු නමැති තරුණියක් මෙලෙස මියගොස් ඇති බවයි.

ඇය විශ්වවිද්‍යාල සිසුන් 58 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ අධ්‍යාපනයක් සඳහා උඩුවම්කන්ද ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදී අද (21) පස්වරුවේ ගල්තලාවෙන් වැටීමෙන් මියගොස් තිබේ.

මෘත ශරීරය මේ වන විට මාවනැල්ල රෝහලේ තබා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.