රාජ්‍ය සේවා බඳවා ගැනීම් විභාග නවතී

රාජ්‍ය සේවා බඳවා ගැනීම් විභාග නවතී
  • පැවැත් වූ විභාගවල ප්‍රතිඵලත් අත්හිටුවයි

රාජ්‍ය සේවයට බදවා ගැනීමේ කිසිදු විභාගයක් නොපවත්වන ලෙස මුදල් අමාත්‍යාංශය විභාග දෙපාර්තමේන්තුවට ඊයේ (23 වැනිදා) දැනුම් දුන්නේ ය.

එම දැනුම් දීමට අනුව මේ දක්වා පවත්වා ඇති බඳවා ගැනීමේ විභාගවල ප්‍රතිඵල ද නිකුත් නොකළ යුතු බව දන්වා ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග කීවේය. පාසල්වල පවතින සෞන්දර්ය, ගෘහ ආර්ථික විද්‍යා සහ ඉංග්‍රීසි ගුරුවරුන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා පසුගිය පෙබරවාරි මාසයේ පැවැති විභාගයේ ප්‍රතිඵල ද නිකුත් කිරීමට නොහැකි වී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය. එම ප්‍රතිඵල නිකුත් කරන ලෙස විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දීමක් නොකළ බවත් එම ප්‍රතිඵල නිකුත් කළහොත් බඳවා ගැනීම් කිරීමට සිදුවීම ඊට හේතුව බවත් එම ප්‍රකාශකයා කීවේය.

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් නතර කිරීමට පියවර ගත්තේ මෙම වසරේ අයවැය යෝජනාවක් අනුව ය.

(aruna)