මේ වසරේ පාසල් හැර ගිය ළමුන් කොපමණද?

මේ වසරේ පාසල් හැර ගිය ළමුන් කොපමණද?
  • පළාත් අධ්‍යාපන ලොක්කන් පළාතේ තත්ත්වය සමීක්ෂණය කර තිබේද?

Save the Chidren සමීක්ෂණයට අනුව කොරෝනා වසංගතයෙන් පසු ආර්ථික අර්බුදය සමග  පවුල් 30% ට හරියාකාර අහරක් ගැනීමට හැකි ආදායමක් නැහැ. ආණ්ඩුව පාසල් දිවා  ආහාර සඳහා වූ මුදල කප්පාදු කරලා. ජනගහනයෙන් දුප්පත්ම 12% පවුල්වල ළමුන් පාසල් යෑම අතහැර ආදායම් සොයන තත්ත්වයට පත්වෙලා. බාල වයස් විවාහ වැඩි වෙනවා. ලිංගික සේවා සැපයුම පුළුල් වෙනවා.

පාසල් විවෘත කෙරුවට, ඔන්ලයින් උගන්වනවා කිව්වට, මේ තත්ත්වයන්ට විසඳුම් නැතිව පාසල් අධ්‍යාපනයෙන් ලැබිය හැකි සමාජ යහපතක් තියෙනවද?

අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන් හා ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධානීන් සතු වගකීමක් තියෙනවා මේ තත්ත්වයන් සම්බන්ධව පළාත් අධ්‍යාපන ලොක්කන් හවුල් කරගෙන ක්ෂේත්‍ර අධ්‍යනයක් කරන්න. එහි වාර්තාව ප්‍රකාශයට පත් කරලා ඒ අනුව විසඳුම් ගැන කතා කරන්න. දැනට කෙරෙන හැම දෙයක්ම උඩින් පල්ලෙන් අත ගාන මගඩි වැඩ.

ඒවා ප්‍රශ්න කරන්න කලාප අධ්‍යාපන ලොක්කන් ඇත්තෙත් නැහැ. ගුරු හා විදුහල්පති සංගම් නායකයින් ඇත්තෙත් නැහැ. මාධ්‍යවේදීන් ඇත්තෙත් නැහැ. මේ ඇත්තටම අනාගත පරම්පරා ගාණක් විනාශ කිරීමට වගකිව යුත්තන් හිරිකිතයක් නැතිව හවුල් වීමක්.

කුසල් පෙරේරා