වතුකරයේ තවත් මෙහෙකාර දරුවකු මරුමුවට (PHOTO)

වතුකරයේ තවත් මෙහෙකාර දරුවකු මරුමුවට (PHOTO)

තම හාම්පුතාගේ නිවසේ වැඩකටයුතුවල යෙදුණු දරුවෙකු පිහිනුම් තටාකයකට වැටී මියගිය බව කියන වතුකරයේ දැරියකගේ දේහය (2022.08.22) දින මස්කෙලිය, මෝකා වතුයායේ පිහිටි පොදු සුසාන භූමියේ මිහිදන් ලදී.

මස්කෙලිය, මෝකා වතුයායේ රමණි නැමැති 16 හැවැරිදි දැරිය මාස හයකට පෙර ගෘහ සේවිකාවක් ලෙස ගම්පහ ප්‍රදේශයේ නිවසක සේවයට ගොස් ඇත. මියගිය දැරියගේ පියා කුඩා කාලයේදීම ඇය හැර ගොස් ඇති අතර,  මවද නැවත විවාහ වී ඇත.

මීට පෙරද හිෂාලිනී නමැති වතුකරයේ දැරියක්ද ඇය සේවය කරන ස්ථානයේ ඇති වූ ගින්නකින් මිය ගියාය.

වතුකරයේ ගැහැණු ළමයින් සේවයේ යොදවා නොගන්නා ලෙස නිරන්තරයෙන් ඉල්ලා සිටියද, වතුකරයේ  බාලවයස්කරුවන් තැරැව්කරුවන් මගින් මෙම ජාවාරම ක්‍රියාත්මක බව ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරින් ප්‍රකාශ කරයි.