ළමා මෙහෙකාර සේවය හා මිනිස් වෙළඳාම වහාම නවතන්න -ප්‍රොටෙක්ට් සංගමය කියයි

ළමා මෙහෙකාර සේවය හා මිනිස් වෙළඳාම වහාම නවතන්න -ප්‍රොටෙක්ට් සංගමය කියයි

ඉෂාලිනි මෙන්ම වතුකරයෙන් ගෘහ සේවයට ගිය තවත් දැරියක් පසුගිය 19 දා ආකාලයේ මිය ගිය බවට වාර්තා විය. වයස අවුරුදු 17 ක් වන පාසල් යා යුතු වයසේ මෙම දැරිය ගම්පහ ප්‍රදේශයේ නිවසක සේවය කරමින් සිටියදී නාන තටාකය සුද්ධ පවිත්‍ර කිරීමට යාමේදී මියගොස් ඇත.

මේ  පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස සහ ළමා මෙහෙකාර සේවය සහ මිනිස් වෙළඳාම නවතන ලෙසත් රජයට සහ අදාළ බළධාරීන්ට බල කරමින් මාධ්‍ය සාකච්ඡාවක් හැටන් ප්‍රොටෙක්ට් සංගම් කාර්යාලයේදී  පැවැත්විණි.

ආර්ථිකමය වශයෙන් දැඩි දුෂ්කරතාවයන්ගේ පීඩා විඳ ඇති මෙම මස්කෙළිය ප්‍රදේශයේ සිට බ්‍රෝකර් වරයෙකු මගින් මෙම නිවසේ සේවයට ගොස් ඇතැ යි පැවසේ. ශ්‍රී ලංකා ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය හා ජාතික ළමා ආරක්‍ෂක අධිකාරි පනතට අනුව ළමයෙකු යනු  අවුරුදු දහඅටට අඩු තැනැත්තෙකි. රජය 2021 වසරේදී  2254/ 35 අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින්   අන්තරායකර රැකියා ලැයිස්තුව ක්ෂේත්‍ර 71 ත් දක්වා පුළුල් කරමින් ගෘහ සේවයද ඊට ඇතුළත් කරන ලදී. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ සේවය කරමින් සිටියදී පිලිස්සී මිය ගිය 16 හැවිරිදි ඉෂාලිනි දැරියගේ මරණයෙන් අනතුරුවය. නමුත් තවමත් අඩු වයසේ දැරියන් මිනිස් ජාවාරම් කාරයන් සහ වෙළෙන්දන් හරහා මෙහෙකාර සේවයට පැමිණ සුවිසල් නිවෙස් තුළ අකාලයේ මිය යයි. ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමටත් එවන් සිදු වීම් සමාජය තුළ සිදුවීම නවතා දැමීමටත් ප්‍රොටෙක්ට් සංගමයේ උප සභාපති මයිතිලී විසින් ප්‍රකාශ කළාය.

11