31,000ක් අතුරින් සුදුසුකම් සැපිරූ උපාධිධාරීන්ට ගුරු සේවයට වරම්

31,000ක් අතුරින් සුදුසුකම් සැපිරූ උපාධිධාරීන්ට ගුරු සේවයට වරම්
රාජ්‍ය සේවයට මෑතකාලීනව බඳවාගත් උපාධිධාරීන් 53,000ක් අතුරින් අධ්‍යාපන ක්ෂේත්‍රයට යොමුකර ඇති 31,000ක පිරිස සඳහා විභාගයක් පවත්වා ලකුණු මත සුදුස්සන් පමණක් ගුරුවරු ලෙස ගුරු සේවයට බඳවා ගැණීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කර තිබේ.
 
තවද,එලෙස බඳවාගන්නා සුදුසුකම් සැපිරූ උපාධිධාරීන්ට උපාධියට අමතරව අධ්‍යාපන ඩිප්ලෝමා පුහුණු මඟින්ද සන්නද්ධ කර අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය ඉහළ නංවන  බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
 
සූර්ය තාක්ෂණ ශිල්පී ශ්‍රම බලකායක් බිහි කිරීම සඳහාවන තාක්ෂණික පාඨමාලාව සාර්ථකව හදාරා අවසන් කල නිපුණ ශිල්පීන් සඳහා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ කැණිමඬල ශ්‍රවනාගාරයේ දී පැවති  සහතිකපත්‍ර ප්‍රදානයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.