සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීමට නව ක්‍රමයක්

සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීමට නව ක්‍රමයක්

සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීමට නව ක්‍රමයක් ලබන මසායේ මුල සිට ක්‍රියාත්මක කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.

දැනට පවතින දිගු පෝලිම්වලට පිලියමක් ලෙස මෙම නව ක්‍රමවේදනය ආරම්භ කිරීමට සැලසුම්කර තිබෙන අතර මෙමඟින් ජනතාව වෙත වඩාත් ඵලදායී සේවයක් ලබා දීම අරමුණයි.

සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීමට සහ සේවා යෝජක ලියාපදිංචිය සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගැනීම සඳහා 1958 අංකය අමතා හෝ www.appointment.labourdept.lk යොමුව මඟින් ලබා දීමට අපේක්ෂිතයි.

මෙය කම්කරු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීමේ පළමු පියවර ලෙස ආරම්භකරන බවත් සඳහන්.

EPf