ණය ගත්ත රාජ්‍ය සේවකයින්ගේ වැටුපට වෙන දේ? ඔබ මේ ගැන දැනුවත්ද?

ණය ගත්ත රාජ්‍ය සේවකයින්ගේ වැටුපට වෙන දේ? ඔබ මේ ගැන දැනුවත්ද?

රාජ්‍ය සේවයේ විශේෂයෙන්ම බැංකු ණය ලබාගෙන තිබෙන රාජ්‍ය සේවකයින්ට වර්තමානයේ බැංකුවල පොළී අනුපාතය ඉහල යාම විශාල ගැටළුවක් වී තිබෙන බව සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා පෙන්වා දෙයි.

රට තුළ අත්‍යාවශ්‍ය සියළුම දේ මිල සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ ආණ්ඩුව විසින් පොදු ජනයාගේ ආදායම ඉහළ දැමීමේ ක්‍රියාමාර්ග ගෙන නොමැති බවත් ඒ මහතා පෙන්වා දෙයි.

විශේෂයෙන් බැංකු සහ මූල්‍ය ආයතන විසින් නිකුත්කරන නිවේදනය වලට අනුව අගෝස්තු මාසයේ සිට පොලී අනුපාතය ඉහල දැමීම සිදුකර තිබෙන නිසා ඒ අනුව නව පොලී සහ වාරික ගෙවීම සිදු කල යුතු බව සඳහන් කරන සූරියආරච්චි මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රාජ්‍ය සේවකයින්ට ලැබෙන මුළු වැටුපෙන් ණය වාරික ගෙවුනු පසු අත ඉතිරිවෙන වැටුප මාසයක් ජීවත්වීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවෙන බවයි.

සම්පූර්ණ වීඩියෝ පටය පහතින් නරඹන්න...