කඩා වැටෙන සෞඛ්‍ය සේවයේ ගැන කතා කරන්න ජනාධිපතිගෙන් අවස්ථාවක් ඉල්ලයි

කඩා වැටෙන සෞඛ්‍ය සේවයේ ගැන කතා කරන්න ජනාධිපතිගෙන් අවස්ථාවක් ඉල්ලයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ අමාත්‍යංශ නිලධාරීන් හමුවේ ද පහත ස්ථාන කරුණු සම්බන්ධයෙන් අප විසින් දිගින් දිගටම ඉදිරිපත්කරන ලද යෝජනා මේ දක්වා සාධනීය ලෙස අවධානයට ලක්ව නොමැති බව අප වෙත අවබෝධ වී ඇති තත්ත්වයක් තුළ, සෞඛ්‍ය සේවය තුළ පැන නැගී ඇති මීට පෙර පෙන්වා දෙන ලද පහත කරුණු සම්බන්ධයෙන් ඔබතුමාගේ ඉක්මන් අවධානය යොමු කොට හමුවීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම්  පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ඔබතුමා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව පැවැති සෞඛ්‍ය අනුකමිටුවේ දැන් ඔබතුමාගේ සෞඛ්‍ය කටයුතු සම්බන්ධව අනු කමිටු සාමාජිකයන් හමුවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ අමාත්‍යංශ නිලධාරීන් හමුවේ ද පහත ස්ථාන කරුණු සම්බන්ධයෙන් අප විසින් දිගින් දිගටම ඉදිරිපත්කරන ලද යෝජනා මේ දක්වා සාධනීය ලෙස අවධානයට ලක්ව නොමැති බව අප වෙත අවබෝධ වී ඇත

එබැවින් මේ සම්බන්ධව ඔබතුමාගේ අවධානය යොමු කරන ලෙසත් ඔබතුමා හමුවීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිමු.

1. ඖෂධ හිඟය හා ඖෂධ මිල ඉහළ යාම පාලනය නොවීම

2. සෞඛ්‍ය ආර්ථික විද්‍යා මූලධර්මයන්ට අනුව රට තුළ සෞඛ්‍ය සේවය ජාතික සංවර්ධනයට දායක විය හැකි ක්‍රම උපායන්ගෙන් සන්නද්ධ කිරීම

3. රෝහල් සඳහා ස්ථිර වෛද්‍ය පරිපාලකයන් පත්කොට වෛද්‍ය පරිපාලන සේවය සම්බන්ධව ඉස්මතු වී ඇති ගැටළු නිරාකරණය කිරීම

4. රට තුළ පැතිර යන මන්දපෝෂණය සම්බන්ධ මතවාදයන් සම්බන්ධව දිස්ත්‍රික් සහ පළාත් අධ්‍යක්ෂකවරුන් බලාත්මක කොට කෙටි කාලසීමාවක් තුළ සමාජ සමීක්ෂණයක් සිදු කොට සත්‍ය තොරතුරු ලබා ගැනීම.

5. පශ්චාත් විශේෂඥ වෛද්‍ය පුහුණුව සඳහා පිටත්ව යන වෛද්‍යවරුන්ට නියමිත දීමනා ලබා නොදීම නිසා ඇතිව ඇති ගැටලු

6. පසුගිය රජය සමයේ දේශපාලන පලිගැනීම් මත ඉතා පක්ෂග්‍රාහී ලෙස පවත්වන ලද විනය පරීක්ෂණ මත සාධාරණයට ලක්ව ඇති වෛද්‍යවරුන් සම්බන්ධව ඉස්මතු වී ඇති ගැටළු නිරාකරණය කිරීම

7. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලනමය කටයුතු වලදී තොරාගත් වෘත්තීය සමිති ව්‍යාපාර කීපයක් සමග පමණක් කටයුතු කිරීම දිගින් දිගටම සිදුවන අතර මෙවැනි ක්‍රමවේදයන් වෙනස් කරන බවට ඔබතුමා විසින් මීට පෙර අප පෘතිය සමිති ව්‍යාපාරය සමග පැවති සාකච්ඡාවේ දී සඳහන් කරන කරුණු බලාත්මක නොවීම.

8. සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ වෘත්තීය සමිති නියෝජිතයන් සියලු දෙනාගෙන්ම සමන්විත වන වෘත්තීය සමිති නියාමන බලකායක් පිහිටුවීම.

9. නව වෛද්‍ය සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම

10 රාජ්‍ය නිලධාරීන්ගේ දූෂණ වංචා අක්‍රමිකතා සහ බැලීමේ විශේෂ ජනාධිපති කොමිෂන් සභාව මඟින් චෝදනා ලද වෛද්‍යවරුන්  නිලධාරීන් දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ තනතුරු සහ අර්ධ රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරු රැඳී සිටීම.

11. පිළිකා රෝග වෛද්‍ය ප්‍රතිකාර සේවා විවිධ මිල ගැනී මිලදීගැනීම් දෝෂ නිසා සක්‍රීය ලෙස සිදු නොවීම

12. රාජ්‍ය ඖෂධ සංස්ථාව ඖෂධ නියාමන අධිකාරිය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකොට ඒවා සඳහා පිළිගත් සුදුසුකම් සහිත විශේෂඥ නිලධාරීන් පරිපාලන කටයුතු සඳහා පත්කිරීම.

නිදහස් සෞඛ්‍ය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යමින් මහජන විශ්වාසය දිනා ගැනීම සඳහා ඉහත සඳහන් කරුණු කෙරෙහි ඔබතුමාගේ අවධානය ඉක්මනින් යොමු වී තිබෙන අතර ඒ සම්බන්ධව ඔබතුමා හමුවීම සඳහා පහසු දිනයක් සහ වේලාවක් ලබා දීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාවේ වගකිවයුතු ලියා පදිංචි වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස ඉල්ලා සිටිමු.