රාජ්‍ය නිලධාරීන් සමාජ මාධ්‍යවලට අදහස් දක්වන්නේ බලාගෙනයි

රාජ්‍ය නිලධාරීන් සමාජ මාධ්‍යවලට අදහස් දක්වන්නේ බලාගෙනයි

රජයේ නිලධාරීන් ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුගමනය නොකර සමාජ මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ  කිරීම පිළිබඳව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නෙගේ අත්සනින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ආයතන සංග්‍රහයේ දෙවැනි කාණ්ඩයේ XLVII වැනි පරිච්ඡේදය හය වන හා හත් වන වගන්තියෙන්  දැක්වෙන විධි විධාන අනුගමනය නොකර රජයේ නිලධරයකු විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් දැක්වීම විනයානුකූලව කටයුතු කිරීමට හේතු වන වරදක් බව අදාල චක්‍රලේඛයේ දැක්වේ.