වතු කම්කරුවෝ විරෝධතාවයක

වතු කම්කරුවෝ විරෝධතාවයක

සාමූහික ගිවිසුම අත්සන් කළ වතු සමාගම් තම වැටුප් වැඩිවීම ලබා දුන්නද එක් සමාගමක් පමණක් කලින් තීරණය කළ වැටුප් වැඩිවීමක් මෙතෙක් ලබා දී නොමැති බවත්,  රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙම වැටුපෙන් ජීවත් වීමට නොහැකි නිසා වහාම වැටුප් වැඩිකිරීමක් කළ යුතු බවට බල කරමින් වතු කම්කරුවන් තලවකැලේ උද්ඝෝෂණයක් පැවැත්වීය. විශාල වතු කම්කරුවන් පිරිසක් මෙම උද්ඝෝෂණයට සහභාගි විය.

 තමන් ලබාදී ඇති බවත් විරෝධතාවයට එක්වූ කම්කරුවන් කියා සිටියහ. ඊට එරෙහිව දිගින් දිගටම නීතිමය පියවර ගත්තා.

තලවාකැලේ  මල්ලියාපූ කදිරේසන් කෝවිල අසලින් ආරම්භ වූ මෙම විරෝධතාවය පෙළපාලියකින් නගරය හරහා  ගොස් තම විරෝධතතාවය දැක්වූ අතර, තම  ඉල්ලීම් ඉටු නොකළහොත් විරෝධතා සහ වැඩ වර්ජන අඛණ්ඩව සිදුකරන බව මෙම විරෝධතාවය මෙහෙයවූ ලංකා වතු කම්කරු සේවක සංගමයේ නායකයෝ පැවසීය.