ඇඟලුම් ක්ෂේත්‍රයම අනතුරේ - ලංකාවට දුන් විශාල ඇගලුම් කෝටා එකක් අහිමිවෙයි !

ඇඟලුම් ක්ෂේත්‍රයම අනතුරේ - ලංකාවට දුන් විශාල ඇගලුම් කෝටා එකක් අහිමිවෙයි !

මෙරට ප්‍රධාන පෙළේ ඇඟලුම් නිෂ්පාදන ආයතනවලට ලැබී තිබූ ඇණවුම්වලින් 30%ත් 50%ත් අතර ප්‍රමාණයක් මේ වනවිට අහිමිවී ඇතැයි නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන්ගේ සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු මහතා පවසයි.         

වසර 15ක් පුරා ප්‍රධාන පෙළේ සන්නාමයක් (බ්‍රෑන්ඩඩ්) යටතේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ ඇඟලුම් කෝටාවක් මෙරටින් ඉවත් කොට වියට්නාමයට හා බංග්ලාදේශයට ලබා දීමට එම සුප්‍රකට විදේශීය සමාගම පියවර ගැනීම නිසා මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ඇඟලුම් ආයතන 15ක පමණ නිෂ්පාදන කටයුතු ඇනහිට ඇත.

එලෙස ශ්‍රී ලංකාවට අහිමි වී ඇති ඇඟලුම් කැබලි ප්‍රමාණය වසරකට මිලියන පහක් පමණ වේ.

එය විශාල ප්‍රමාණයක් නොවූවද ඉන් කුඩා හා මධ්‍යම පරිමාණ ඇඟලුම් කර්මාන්තශාලාවලට විශාල බලපෑමක් ඇති කර තිබෙන බවද ඒ මහතා කියා සිටී.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හා ස්ථාවර ආණ්ඩුවක් නොපැවතීම මත විදේශ සමාගම් බියට පත්වීම මෙවැනි තත්ත්වයක් නිර්මාණය කරීමට හේතුවී ඇත.

(ශ්‍රී ලංකා මිරර්)