විශ්‍රාමිකයින් පාරිතෝෂිකය ඉල්ලා මානව හිමිකම් කොමිසමට

විශ්‍රාමිකයින් පාරිතෝෂිකය ඉල්ලා මානව හිමිකම් කොමිසමට

රජයේ විශ්‍රාමිකයින්ගේ පාරිතෝෂිකය ගෙවීම වසරකට ආසන්න කාලයක් ප්‍රමාද කිරීමට එරෙහිව මානව හිමිකම් කොමිෂන් සභාවට විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය විසින් පැමිණිල්ලක් පසුගියදා පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදි.

එහිදී රජයේ සේවයේ වසර 25, 30, 40 දක්වා සේවය කළ 12,000 කට අධික විශ‍්‍රාමිකයින් පිරිසකට ගෙවිය යුතු "විශ්‍රාම පාරිතෝෂිකය" 2021 වර්ෂයේ සිට ගෙවා නොමැති අතර ඒ අයට ගෙවීම සඳහා මිලියන ගණනක් වැය වන බැවින් ආණ්ඩුව මූල්‍ය අර්බුධයකට මුහුණ දී ඇති බව පවසා වසරකට ආසන්න කාලයකින් ප්‍රමාද කර ගෙවීමට කටයුතු කර ඇති අතර, මේ වන විට එම විශ්‍රාමිකයින්ට ගෙවීම වසරකට ආසන්න කාලයකට ප‍්‍රමාද කර ඇති බැවින් ඔවුන් සියලූදෙනා බරපතල ආර්ථික, සමාජීය ගැටලූ රාශියකට මුහුණ පා ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.