පාසල් වේලාවෙන් පසු සිසුන්ට වෘත්තීය පුහුණුවක්

පාසල් වේලාවෙන් පසු සිසුන්ට වෘත්තීය පුහුණුවක්
පාසල් කාලයෙන් අනතුරුව සිසුන්ට වෘත්තීය අධ්‍යාපනය ලබාදීමේ වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යාංශය ආරම්භ කර තිබේ.
 
මෙහි  නියමු ව්‍යාපෘතිය ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් 7 ක ආරම්භ කළ බව අධාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් මහින්ද යාපා මහතා පවසයි.
 
එම සිසුන්ට දිවා ආහාරය ලබාදීමට ද පියවර ගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.
 

අතිරේක ලේකම්වරයා ප්‍රකාශ කළේ, මීට සමගාමීව පාසල් වේලාවෙන් අනතුරුව සිසුන්ගේ විනෝදාස්වාදය සඳහා ද විවිධ වැඩසටහන් සකස් කර ඇති බවයි.