ඛනිජ තෙල් සේවකයින්ට අද අසනීපයි!

ඛනිජ තෙල් සේවකයින්ට අද අසනීපයි!
ඛනිජ තෙල් සේවකයින් අද (18) අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකර සිටිමට තීරණය කර තිබේ.
 
 අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන ඇති බව වෘත්තීය සමිති නියෝජිතයින් පවසයි.
 
වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ඛනිජ තෙල් බෙදා හැරිමේ කටයුතුවලට බාධා මතුවිය හැකි බව ඛනිජ තෙල් වෘත්තීය සමිති ඒකාබද්ධ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අශෝක රංවල සඳහන් කළේ ය.