පුනරුත්ථාපන පනත ව්‍යවස්ථාවට පටහැනියි

පුනරුත්ථාපන පනත ව්‍යවස්ථාවට පටහැනියි

 පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට (20) දින දැනුම් දුන්නේය.

මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින්ද එහි ඇතැම් වගන්ති සංශෝධනය කිරීමෙන් පසුවද අනුමත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායකවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ සිටියේය.