රාජ්‍ය සේවයේ වැටුප් ගෙවීමේ ගැටලුවක්?

රාජ්‍ය සේවයේ වැටුප් ගෙවීමේ ගැටලුවක්?
පළාත් සභා කිහිපයක රාජ්‍ය නිලධාරීන්ට නියමිත වේලාවට වැටුප් ගෙවීමේ ගැටළුවක් මතුවී ඇති බව ආරංචි මාර්ග පවසයි.
 
සෑම මසකම 25 වැනිදා වනවිට ඔවුන්ට වැටුප් ගෙවීම සිදුකළ යුතු අතර, වැටුප් බැංකුගත කිරීම් 24 වැනිදා සිදුකිරීම සාමාන්‍ය ක්‍රමවේදයයි.
 
එහෙත් මෙවර 24 වැනිදා දීපවාලී උත්සවය වෙනුවෙන් රජයේ නිවාඩු දිනයක් යෙදී තිබීම සහ සති අන්තයක් යෙදී තිබීම හේතුවෙන් අද වනවිට වැටුප් බැංකුගත කිරීම සිදුකළ යුතුව තිබිණි.
 
එහෙත් රට තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ ඒ් සඳහා අද පස්වරුව වන තෙක් භාණ්ඩාගාරයෙන් මෙතෙක් මුදල් ලැබී නොමැති බව වාර්තා වේ.
 

මෙම තත්ත්වය හමුවේ මුදල් අමාත්‍යාංශයෙන් ප්‍රතිපාදන ලැබීමෙන් අනතුරුව පිළියෙල කරන ලද ඔක්තෝම්බර් මස වැටුප් ලේඛන 25 වැනිදා එනම් ලබන අඟහරුවාදා බැංකුගත කිරීමට පළාත් ලේකම් කාර්යාල තීරණය කර තිබේ.