පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගෙන් අයදුම්පත් කැඳවීම දීර්ඝයි

  පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගෙන් අයදුම්පත් කැඳවීම දීර්ඝයි
පසුගිය වසරේ පැවති සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග රාජකාරී සහ ඇගයීම් ගාස්තු මෙතෙක් ගෙවා නොමැති පසුබිමක මෙවර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය දීර්ඝ කර තිබේ. 
 
එය ඊයේ  (21) අවසන්වීමට නියමිත තිබූ අතර, ගුරු සංගම් බල කර සිටියේ අද දිනය වනවිට හිඟ ගෙවීම් සිදුනොකළහොත් ඇගයීම් කටයුතු වර්ජනය කරන බවටයි.
 
කෙසේවෙතත් විභාග කොමසාරිස්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් සඳහා පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය නොවැම්බර් 04 වැනිදා දීර්ඝ කරන බවයි.