රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවකයින්ට හා සංක්‍රමිණිකයින්ට සෘජූව බලපාන අය වැය යෝජනා

රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවකයින්ට හා සංක්‍රමිණිකයින්ට සෘජූව බලපාන අය වැය යෝජනා
  • සේවක සේවිකාවන් ආරක්ෂා කිරීම සඳහා කම්කරු ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණ සිදුවී නැහැ. ඔවුන් රටේ ප්‍රගතිය නංවා ගැනීම සඳහා ඵලදායී ලෙස සහභාගී කරගත යුතුයි. කම්කරු නීතිය යල් පැන ගිය හා එකිනෙක හා සම්බන්ධයක් නොමැති බැවින් ආර්ථිකයට හා සේවක දෙපාර්ශවයටම ප්‍රතිලාභ සැලසෙන පරිදි තනි කම්කරු නීතියක් බලාත්මක කිරීමට යෝජනා කරනවා.

 

  • රාජ්‍ය ආදායමෙන් වැඩි කොටසක් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් සහ වේතන වෙනුවෙන් වැය කළ යුතුයි සංවර්ධන කාර්යයන් වෙනුවෙන් මුදල් වෙන් වෙන් කිරීම අභියෝගයක් වී තිබෙනවා ඒ නිසා වත්මන් යුතු වලට ගැලපෙන පරිදි රාජ්‍ය සේවය සැපයීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරනවා.

 

  • පෞද්ගලික අංශ සේවකයන්ට රක්ෂණාවරණයක් සකස් කරනවා.පෙනුමෙන් රක්ෂණ අරමුදල ස්ථාපිත කිරීමට යෝජනා කරනවා. රජයේ සේවකයන් සඳහා වන අග්‍රහාර රක්ෂණයෙන් ප්‍රතිලාභ ලැබෙන අතර පෞද්ගලික අංශය සඳහා ද එවැනි රක්ෂණයක් ලබාදීමට ලබාදීමට යෝජනා කරනවා.
  • සේවක භාර අරමුදල් පනත සංශෝධනය කිරීමට කටයුතු කරනවා.

 

  • විදේශ ගමන් බලපත් ගාස්තු සහ වීසා සහ අනෙකුත් ගාස්තු ඉහළ නැංවීමට කටයුතු කරනවා.

 

  • වාහන වියදම් ඉහළ යාම උද්ධමන තත්ත්වය නිසා රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් නිසා අසීරුතාවයකට පත්ව තිබෙනවා. තවත් වසරකින් රජයේ ආදායම වැඩි වනු ඇතැයි අපේක්ෂා කරනවා. ප්‍රශස්ත මට්ටමේ රාජ්‍ය සේවයක් ඇති කිරීමට හැකි වෙනවා 2023 වසර අග වන විට රජයේ සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට සැලකිය යුතු සහනයක් ලබා දිය හැකි ඒවි යැයි සිතනවා පෞද්ගලික අංශයටත් ඒ වන විට සහනයක් දෙන්නට දෙන්න බලාපොරොත්තු වෙනවා

(ලංකාදීප)