ප්‍රොටෙක්ට් සංගමයට ජාත්‍යන්තර පිළිගැනීමක්

ප්‍රොටෙක්ට් සංගමයට ජාත්‍යන්තර පිළිගැනීමක්

ජාත්‍යන්තර ගෘහස්ථ කම්කරු සම්මේලනය (International Domestic Workers Federation - IDWF) විසින් ප්‍රොටෙක්ට් සංගමය ඔවුන්ගේ අනුබද්ධ ගෘහ සේවක සංගමයක් ලෙස පිළිගෙන ඇති බව ප්‍රොටෙක්ට් සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

වසර ගණනාවක් දැරූ උත්සාහයේ සහ සංගමයක් ලෙස සිදු කළ කාර්‍යයන්හි ප්‍රතිපලයක් ලෙස ලැබුණු මෙම පිළිගැනීම ප්‍රොටෙක්ට් සංගමය එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.

ගෘහ සේවකයන්ගේ ගෝලීය සම්මේලනයක් ලෙස, IDWF  රටවල් 65කින් අනුබද්ධ ආයතන 84කින් සමන්විත වන අතර, සාමාජිකයින් 600,000කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරයි.

IDWF සමග අත්වැල් බැඳගෙන ඉදිරියේදී  ඔවුන්ගේ සහයෝගයත්, අනුබද්ධ රටවල අත්දැකීම් ද බෙදාගනිමින් ශ්‍රී ලකාවේ ගෘහස්ථ කම්කරුවන්ගේ අයිතිවාසිකම් භුක්ති විඳීම  සඳහා කම්කරු නීති ආවරණය ලබා ගැනීමට හැකි වනු ඇත. ප්‍රොටෙක්ට් සංගමයට ලැබුණු මෙම ජාත්‍යන්තර පිළිගැනීමත් සමග ශ්‍රී ලංකාවේ ගෘහස්ථ කම්කරුවන් සංවිධානය කරමින් ඔවුන් සඳහා යහපත් රැකියා කොන්දේසි දිනා ගැනීම වෙනුවෙන් ශක්තිමත්ව ක්‍රියාකිරීමට තමන් උත්සහ ගන්නා බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

එම ලිපිය පහත දැක්වේ