රජයේ සෞඛ්‍ය ආයතන වල කීර්තිනාමය අවභාවිතා කරමින් අවිධිමත්  පුහුණු කිරීම් නවතන ලෙස ඉල්ලයි

රජයේ සෞඛ්‍ය ආයතන වල කීර්තිනාමය අවභාවිතා කරමින් අවිධිමත්  පුහුණු කිරීම් නවතන ලෙස ඉල්ලයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ අංශය විසින් පුහුණු කල යුත්තේ කුමක්ද සඳහාද යන නිසි පැවරුමක් නොකරන ලද කිසිඳු අවධිමත් පුහුණුවක් සිදු නොකරන ලෙසත්, පුහුණුව සඳහා වෘත්තීයවේදී ආයතනය සමඟ සාකච්ඡා කොට සෞඛ්‍ය අමාත්‍යාංශ මට්ටමින් ඒ පිළිබඳව තීරණය ගන්නා ලෙසත්, ඒ පිළිබඳව ආයතන ප්‍රධානීන් දැනුවත් කරමින් ලිපියක් නිකුත් කරන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් ලිපියක් යවා ඇත.

එම ලිපි‍යේ වැඩිදුරටත් සඳහන් වන්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාල ආයතනයක හෝ රෝහලක පුහුණු වීම් ලබාදිය හැක්කේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි අවසරයකින් පමණක් වුවද, රෝහල් අධ්‍යක්ෂවරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් තම හිතුමතයට පෞද්ලික හිතවත්කම් සහ දැනහැඳුනුම්කම් මත විවිධ පුද්ගලයන් ආයතන තුලට කැඳවමින් පුහුණු කිරීම් කරන ලෙස අප වෘත්තීකයන්ට බලපෑම් සිදු කරමින් තිබේ.

එසේම අප වෘත්තීකයන් විසින් පුහුණු කිරීම් සිදු කිරීමට බැඳි සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාල සේවාවක් සපයනු ලබන වෘත්තිකයෙකුට අදාල නිශ්චිත කාර්යභාරයක් සඳහා පමණක් වන අතර, එසේ නොවන බාහිර හෝ අභ්‍යන්තරික පාර්ශ්ව සඳහා අප සේවාවට අදාල පුහුණු වීම් ලබාදීමට බැදීමක් හෝ හැකියාවක් නොමැත.

එසේම විවිධ තරාතිරම් වල පෞද්ගලික ආයතන නිසි සුදුසුකම් සහ පහසුකම් නොමැතිව සෞඛ්‍ය වෘත්තීකයන් පුහුණු කිරීමේ ආයතන පවත්වා ගනිමින් සිටින අතර එවන් ආයතන පෞද්ගලික මටිටමින් දැන හඳුනා ගනු ලබන අධ්‍යක්ෂවරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් මඟින් ආයතනික ලිපි ශීර්ෂ හරහා එම ආයතන තුල පුහුණු වූ බවට ලබා ගනු ලබන වැරදි සහගත නිර්දේශ හේතුවෙන් නීත්‍යානූකූල නොවන මට්ටමින් පවත්වාගෙන යනු ලබන පෞද්ගලික පුහුණු කඩ සඳහා නිලභාවයක් ලබා ගනු ලබන අතරම අවසානයේදී ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාල සභාව හා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවා නොමඟ යවමින් සෞඛ්‍ය වෘත්තීකයන් ලෙස හොරපාරෙන් නීත්‍යානුකූල භාවය ලබා ගැනීමටද එම ලිපි භාවිතා කරනු ලබයි.

මෙම තත්වය වර්ධනය වීම හරහා වෛද්‍ය පර්යේෂණ ආයතනය, ජාතික අක්ෂි රෝහල වැනි ආයතන පිළිබඳව ලොව පුරා ඇති විශ්වාසය සහ කීර්තිනාමය අනියමින් භාවිතා කරන අනීතික ව්‍යාපාර ඇති වීමද නොවැලැක්විය හැකිය.

එනයින්, මේ පිළිබඳව දැඩි සැලකිල්ල යොමු කර මෙම තත්වය වැලැක්වීමට කටයුතු කරන ලෙසත් මේ වන විට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් එවැනි අවභාවිතාවක් සිදු කර ඇති බැවින් වහාම එය අත්හිටුවීමට උපදෙස් ලබා දෙන ලෙසත් ඉල්ලමි.

එසේම අප වෘත්තීන්ට අදාල වන කිසියම් වෘත්තියක් සඳහා කිසියම් පුහුණු කිරීමක් අප ආයතන තුල සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ පිළිබඳව අප වෘත්තීයවේදී ආයතනය සමඟ සාකච්ඡා කොට සෞඛ්‍ය අමාත්‍යාංශ මට්ටමින් ඒ පිළිබඳව තීරණය ගන්නා ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ අංශය විසින් පුහුණු කල යුත්තේ කුමක්ද සඳහාද යන නිසි පැවරුමක් නොකරන ලද කිසිඳු අවධිමත් පුහුණුවක් සිදු නොකරන ලෙස ආයතන ප්‍රධානීන් දැනුවත් කරමින් ලිපියක් නිකුත් කරන ලෙසත් කාරුණිකව ඉල්ලමි.