පොතුවිල් රෝහලේ අර්බුදය සමස්ත නැගෙනහිර පලාත තුල වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දක්වා ගමන් කිරීමේ අවදානම හා බලධාරීන්ගේ නිද්‍රාශීලි පිළිවෙත නිසා මෙම ගැටලුව විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් දක්වන උදාසීනත්වය හරහා අවධානමට ලක් වන රෝගීන්ගේ ජීවිත මෙන්ම බිඳවැටෙන රෝගී සත්කාර සේවාවන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සම්පූර්ණ වගකීම භාර ගත යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
රෝහල් පරිපාලනයේ දුර්වලතා සහ එම ගැටලු විසඳීමට වගකිවයුතු බලධාරීන් දක්වන උදාසීනත්වයත්, අසමත්භාවයත් නිසා පොතුවිල් මූලික රෝහලේ රෝගී සත්කාර සේවා පවත්වා ගැනීම මේ වන විට දැඩි අර්බුදයකට ලක්ව ඇත.
එම රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාගේ පහත පරිපාලන දුර්වලතා සහ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් එම රෝහලේ වෛද්‍යවරුන් අප දැනුවත් කර ඇත.
පොතුවිල් මූලික රෝහලේ රෝගී සත්කාර සේවාවන් අඛණ්ඩව සහ ගුණාත්මකව පවත්වා ගැනීමට ඇති බාධාවන් ඉවත් කිරීම අරමුණු කර ගනිමින්, වෛද්‍ය අධිකාරීවරයාගේ ක්‍රියාකලාපයට විරුද්ධව දිගින් දිගටම හඬ නැගූ වෛද්‍යවරුන් බරපතළ ලෙස පීඩාවට පත් කිරීමට වෛද්‍ය අධිකාරීවරයා කටයුතු කර ඇත.
ඔහුගේ අනුදැනුම ඇතුව රෝහලට පැමිණි කණ්ඩායමකගේ ක්‍රියාකලාපය නිසා රෝහල තුළ දැඩි අනාරක්ෂිත පරිසරයක් නිර්මාණය වී තිබීම බරපතල තත්වයකි.
රෝහල තුල ආරක්ෂාව තහවුරු කර එම අනාරක්ෂිතභාවය නිර්මාණය කළ වෛද්‍ය අධිකාරිවරයාට විරුද්ධව අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්නා තෙක්, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස එම රෝහලේ වෛද්‍යවරුන් තාවකාලිකව ඉවත් කිරීමට පසුගිය සතියේදී තිරණය කරන ලදී.
මේ වන විට රෝහලේ වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ වී සතියකට ආසන්න කාලයක් ගතවී ඇත. ඒ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව ද දැඩි ගැටලුවකට මුහුණ දී ඇත.
එහෙත් මෙම ගැටලුව විසඳීමට කිසිදු වගකිව යුතු නිලධාරීයෙකු විසින් පිළිගත හැකි කිසිදු සාධනීය මැදිහත්වීමක් සිදු නොකිරීම ගැටලුකාරී තත්ත්වයකි.
සතියක පමණ කාලයක් රෝහල සම්පූර්ණයෙන්ම අඩාල ව තිබිය දී එම ගැටලු විසඳීමට වගකිවයුතු සහ මැදිහත් විය යුතු පළාත් නිලධාරීන් හෝ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් මැදිහත් නොවීම අතිශයින් කණගාටුදායකය.
මෙම ගැටලුව විසඳීමට වහාම අදාළ බලධාරීන් මැදිහත් විය යුතුය.
වෛද්‍ය අධිකාරීවරයාගේ ක්‍රියාකාරිත්වයට එරෙහිව වහාම විනය ක්‍රියාමාර්ග ගත යුතු අතර රෝහල තුළ ආරක්ෂාව තහවුරු කළ යුතුය.
උදාසීන බවින් මිදි මෙම ගැටලුව වහාම විසඳීමට සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට වන්නේ නම්, මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සමස්ත නැගෙනහිර පලාත දක්වාම ව්‍යාප්ත කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුබට නොවනු ඇත.
මෙම ගැටලුව විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් දක්වන උදාසීනත්වය හරහා අවධානමට ලක් වන රෝගීන්ගේ ජීවිත මෙන්ම බිඳවැටෙන රෝගී සත්කාර සේවාවන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සම්පූර්ණ වගකීම භාර ගත යුතුය.
